ලෝක ආදිවාසී දිනය අදයි !

Published in පුවත්
Friday, 09 August 2024 09:10

සෑම වසරකම අගෝස්තු මස 9 වනදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය.

මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනාගැනීම යන්නය.

මෙරට ආදිවාසී ජනයාද දඹාන කොටබකිණිය අදිවාසී ගම්මානය කේන්ද්‍ර කරගනිමින් අද මෙම දිනය සමරනු ලබයි.

ඊට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද එක්විමට නියමිතය.

ආදිවාසී දිනය සැමරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පැවසුවේ රටපුරා සිටින ආදිවාසී ගම්මානවල නායකයින් එක්වී පැවැත්වූ වරිග සභාවේදී සාකච්ඡා කළ පරිදි තම ජනයාට ඇති ගැටළු නිරාකරණය කරගැනීම සඳහා වූ සංදේශයක් විෂයභාර අමාත්‍යවරයා වෙත අද දිනයේදී බාරදීමට නියමිත බවය.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us