IMF ගිවිසුම් කඩ කළොත් නැවතත් පෝළිම් යුගයක් - ජනපති

Published in පුවත්
Friday, 09 August 2024 11:23

රටක් ලෙස ගොඩ එනවා නම් එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර තිබෙන ගිවිසුම නිසා වන හෙයින් එම ගිවිසුම ආරක්ෂා කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ වන විට 17 වතාවක් IMF ගිවිසුම් කඩා තිබෙන පසුබිමක මෙවරත් එයම සිදුකළ හොත් නැවත ඔවුන්ගේ සහයක් නොලැබෙන බව ජනාධිපති රනිල්ව වික්‍රමසිංහ පවසා තිබේ.

යළි එය කඩා දැමුව හොත් නැවත අපට පෝලිම් යුගයකට යාමට සිදුවන බවද ජනාධිපතිවරයා කියා සිටියි.

”මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ පෝලිම් යුගය ගැන. මම අලුතෙන් කියන්න ඕනේ නැහැ ඔබ වින්ද දුක. දවස දෙකක් තුනක් හතරක් පෝලිමේ හිටිය හැටි. දැන් අපි ඒකෙන් ගොඩ එනවා. අපි ගොඩ එනවා නම් ගොඩ එන්නේ IMF සංවිධානයත් ආණ්ඩුවත් අතර තිබෙන ගිවිසුම නිසා. අපිට IMF සංවිධානයෙන් ණය දෙන රටවල්වලින් සහනයක් ලැබිල තියෙනවා. ඒ සහනය අරගෙන ගිවිසුම ආරක්ෂා කරගෙන යන්න ඕනේ. අපි ඒ ගිවිසුම වැටෙන්න දුන්නොත් අපි ආපහු පෝලිම් යුගයකට යනවා. ආපහු අපට උදව් කරන්න රටවල් එන්නේ නැහැ. අපි 17වතාවක් IMF ගිවිසුම් කඩල තියෙන්නේ. මට කිව්වේ 18 වෙනි වතාවේ කැඩුවොත් නම් ආපහු මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියල. පළමු වතාවට ඒ කරුණු නීතියකට ඇතුල් කරලා තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අන්න ඒ පසුබිමින් අපිට වැඩ කරන්න තියෙන්නේ. මේ ගිවිසුම පදනම් කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ මීට වඩා තරඟකාරී ආර්ථිකයක් ඇතිකරන්න,අපනයන ආර්ථිකයක් ඇති කරන්න නවීන ආර්ථියක් ඇතිකරන්න.මෙහෙම ආර්ථික ඇති කරන අවස්ථාවේදී අපිට සාමාන්‍ය ජනතාව අමතක කරන්න බැහැ. පෝලිම් යුගය ඇති වුණාම, අඟහිඟකම් ඇතිවුණාම බර දරන්නේ සාමාන්‍ය ජනතාව. නමුත් ආර්ථිකය දියුණු වෙලා එන අවස්ථාවේදී මහජනතාවට නෙවෙයි වැඩිම වාසිය ලැබෙන්නේ. අන්න ඒ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියල මම විශේෂයෙන් තීරණය කළා.”

යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us