ජනපති රනිල් රටට ම යුතුකම මතක් කරයි

Published in පුවත්
Wednesday, 14 August 2024 09:58

2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම හේතුවෙන් තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පවසා සිටියි.

ඔහු  සඳහන් කළේ, නීතිය හා සාමය තහවුරු කරමින් රට තුළ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේද වගකීමක් බවය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙසද පැවසීය.

"රටේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා පවත්වනවා. ඔබේ යුතුකම, පොලීසියේ යුතුකම නීතිය සාමය ආරක්ෂා කරලා, නීතිය යටතේ ඡන්දය ගෙනියන්න. ජනාධිපති හැටියට ඒක මගේ යුතුකමක්. ඒක මැතිවරණ කොමිසමේ යුතුකමක්. ඒක පොලීසියේ යුතුකමක්. ඒ වැඩකටයුතු සියල්ලම ක්‍රියාත්මක කරන්න කියලා කියලා මම කියන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි මැතිවරණයෙන් පසුව ඇති වෙන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සියල්ල ම නවත්වන්න ඕනේ. මේ සැරේ ප්‍රචණ්ඩක්‍රියා ඇති වෙන්න බෑ. ඒ ගැන අපි ක්‍රියාකරන්න ඕනේ. ඇය අපි මේ මැතිවරණය තියන්නේ. අපිට නීතිය, සාමය, ව්‍යවස්ථාව තියෙන නිසා. ඒ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරනවා නම් අපි ආණ්ඩු ඇති කරන්නේ, ආණ්ඩු වෙනස් කරන්නේ ව්‍යවස්ථාව අනුව. 1931 ඉඳලා සර්ව ජන ඡන්දය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අණ්ඩව ආණ්ඩුවක් ගෙනියලා තියෙන්නේ ශ්‍රී ලංකා විතරයි. වෙන එක රටක නම් කරන්න මෙහෙම තියෙන. ඒ නිසා අපිට තියෙන්නේ සර්ව ඡන්දය ආරක්ෂා කරන්න. කිසිවිටෙක ඒක කැඩෙන්න ඉඩදෙන්න එපා.

අපේ යුද හමුදාව සහ නීතිය ආරක්ෂා කරන අය කටයුතු කළ නිසා අපි එදා පාර්ලිමේන්තුව නැතිවෙන්න ගිය එක නවත්ත ගත්තා. මම ආණ්ඩුව භාරගෙන ස්ථාවර කරලා අපි බංකොළොත්භාවයෙන් පිටවෙලා ඒ වගේම අද අපිට ඡන්දය තියන්න පුළුවන්. අපි ආඩම්බර වෙනවා. ඒක නොකෙරුවා නම් මොකද්ද වෙන්නේ, එක එක අය කිව්වා මේක නැති කරන්න ආණ්ඩුව පන්නලා දාන්න උසාවි යනවා කිව්වා. යුද්ධ තියෙන වෙලාවේ මේවා බලාගෙන ඉන්න බෑ. ක්‍රියා කරනවා නම් ක්‍රියා කරන්න ඕනේ. ඒ ඔක්කෝම නිසා තමයි අද මේ ඡන්දය තියෙන්නේ. අපේ අල්ලපු රට දිහා බලන්න. එක ආණ්ඩුවක් පන්නලා දාලා. වෙන කවුරුත් නෑ ආණ්ඩුව ගන්න. සාමාන්‍යයෙන් හමුදා එනවා. හමුදාවටත් ගන්න එපාලු. මන්ත්‍රීවරු මරනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්ට, මහ බැංකු අධිපතිට රටෙන් යන්න කියලා. හෝටල් ගිනි තියලා. තාම සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා නෑ. අන්න ඔබ එදා වැඩකරපු විදියෙන් අපි මේකෙන් බේරුණා. බේරිලා සැප්තැම්බර් 21 තමන් කැමති අපේක්ෂකයාට ඡන්දේ දෙන්න පුළුවන්."

Leave a comment

 

ld add copy

Gossip

පොත ගිනි තබනු..නැතිනම් මරා දමනවා.. ජවිපෙ මාධ්‍ය දඩයම එතරම් බලවත්ද ?

පොත ගිනි තබනු..නැතිනම් මරා දමනවා.. ජවිපෙ මාධ්‍ය දඩයම එතරම් බලවත්ද ?

දිවයින පුවත් පතෙහි ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රියගේ විසින් රචිත 'NPP කතාව සහ JVP...

කිරිඇල්ලගේ දුවට තැනක් දෙන්න, වසන්ත යාපාව පන්නයි.

කිරිඇල්ලගේ දුවට තැනක් දෙන්න, වසන්ත යාපාව පන්නයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සමගි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

 හොරු අල්ලනවා කිව්වට, අනුරව හොරු අල්ලලා ඉවරයි.   

 හොරු අල්ලනවා කිව්වට, අනුරව හොරු අල්ලලා ඉවරයි.  

පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ සමුළුවේදී කූප්‍රකට එතනෝල් ජාවාරම්කරු ජයලත් ක්‍රිෂාන් පී...

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us