රනිල්ට සහාය දැක්වූ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවෙන්ම විනය ක්‍රියාමාර්ගය ගන්න සැරසේ

Published in පුවත්
Friday, 16 August 2024 08:56

2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ, සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් එම මන්ත්‍රීවරුන් වෙත යොමුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව පක්ෂයේ තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති බවද සඳහන් ය.

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්වී තිබුණි.

එහිදී පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කිරීමට තීරණය කළ අතර, එම තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටද තීරණය කෙරුණි.

කෙසේ වෙතත් පක්ෂයේ තීරණයට එරෙහිවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පසුගිය සති කිහිපය පුරා පක්ෂයේ දේශපාලන මණ්ඩලයට දැඩි බලපෑම් එල්ලකර ඇති බවද වාර්තා වෙයි.

පක්ෂය ගත් තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ක්‍රියාකාරකයින් බොහෝ දෙනෙකු ඉල්ලීම් කර තිබූ බවද පැවසෙයි.

ඒ අනුව, පක්ෂයේ තීරණවලට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් යොමුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us