එම අමාත්‍යාංශය සඳහන් කළේ, පිස්තෝලයට අමතරව සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට රිපීටර් අවි ලබාදීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව මන්ත්‍රීවරුන් 225 දෙනාටම එම අවි ලබාදිය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට දැනුම් දී තිබේ.
අප මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියගෙන් විමසීමක් කළේ ය.
ඇය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණ රිපීටර් අවි ලබාගැනීම සඳහා මේ වන විට ඉල්ලුම් කර ඇති බවයි.
ගාස්තු අය කර එම අවි මන්ත්‍රීවරුන්ට ලබාදෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.
-P.M