මිලින්ද මොර­ගොඩත් රනිල්ගේ සහයට

Published in පුවත්
Thursday, 15 August 2024 14:04

හිටපු අමාත්‍යවරයකු මෙන්ම ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොර­ගොඩ ඇතුළු ස්වාධීන කණ්ඩා­ය­මක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකිරීමට ඉදිරිපත්ව ඇත. 


ඒ අනුව ඔහු ඊයේ (14) දිනයේ පොදු­ජන එක්සත් පෙර­මුණ සමග සන්ධාන ගත­විය. 

රාජ්‍යයේ අයි­තිය සුර­ක්ෂිත කර­මින්, සියලු දෙනා ඒක­රාශි කර ගනි­මින් බිඳ වැටුණු රට සුර­ක්ෂිත කිරීම සඳහා ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ සහ සංවි­ධාන 21ක සහ­යෝ­ග­යෙන් ඇති කළ පොදු­ජන එක්සත් පෙර­මුණ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහට සහ­යෝ­ගය ලබා­දී­මට තීර­ණය කළ බව පොදු­ජන එක්සත් පෙර­මුණේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී අනුර ප්‍රිය­ද­ර්ශන යාපා ඊයේ (14) ප්‍රකාශ කළේය.

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර යුගයේ අව­ශ්‍ය­තා­වක් ඉටු කිරී­මට නව සන්ධා­නය ගොඩ­න­ඟන බවද අනුර ප්‍රිය­ද­ර්ශන යාපා පැව­සීය.

මෙරට ආර්ථික හා දේශ­පා­ලන දේහ­යට පීඩා­වක් බවට පත්ව ඇති පවුල් දේශ­පා­ල­නය මෙර­ටින් තුරන් කළ යුතු බව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මෙහිදී පැවසිය. 

පියා­ගෙන් පුතාට, පුතා­ගෙන් මුනු­බු­රාට දේශ­පා­ල­නය යන පවුල් ක්‍රම­වේ­දය අව­සන් කළ­යුතු බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

- the leader 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us