චීන ශ්‍රී ලංකා තරුණ හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක්

Published in පුවත්
Saturday, 17 August 2024 11:07


චීන ශ්‍රී ලංකා තරුණ හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් පැවැත්වේ.”හායි චයිනා හායි ශ්‍රී ලංකා” යන තේමාවෙන් යුත් එම වැඩසටහන චීන මාධ්‍ය සමූහය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධාන කළේය.

ජාතික තරුණ‍ සේවා සභා ක්‍රීඩාංගනයේ පැවති එම වැඩසටහන තරුණ ක්‍රියාකාරකම් රැසකින් සමන්විත විය. චීන මාධ්‍ය සමූහයේ සිංහල අංශයේ ප්‍රධානී ෂී යුයැ මෙනවිය එහිදී සඳහන් කළේ චීන මාධ්‍ය සමූහය මෙවැනි වැඩසටහන් ලොව පුරා පවත්වමින් විවිධ රටවල තරුණ තරුණියන් අතර සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනයට ක්‍රියා කරන බවයි.

මෙවැනි වැඩසටහන් චීන ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වයේ වැදගත් අවස්ථාවක් ලෙසට සැලකිය හැකි බවද ඇය සඳහන් කළාය.එහිදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා සඳහන් කළේ මෙම වැඩ සටහන ජාතික තරුණ සේවා සභාවේ ඉගෙනුම ලබන තරුණ තරුණියන්ට නවමු අත්දැකීමක් වූ බවයි. ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර “වරුණි” ලෙසින් ජනප්‍රිය චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදිනී ජ්‍යන් සොන් සිං මෙනවිය සිංහල ගීත ගායනා කරමින් ඉදිරිපත් කළ ක්‍රියාකාරකම් පැමිණ සිටි තරුණ තරුණියන් ගේ වඩාත් ආකර්ශණයට ලක්විය.

WhatsApp Image 2024 08 16 at 20.47.37 687327d3

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us