ශ්‍රී ලංකාවේ උපත් අඩු වී මරණ වැඩි වේ

Published in පුවත්
Friday, 16 August 2024 12:46

කෝවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව 20% කින් අඩු වී ඇති අතර මරණ සංඛ්‍යාව 30% කින් වැඩි වී තිබෙන බව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසා තිබේ.

මහාචාර්ය සිල්වා මහතා එසේ පැවසුවේ ඊයේ (15) මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ශ්‍රී ලංකාව විසින් සංවිධානය කරන ලද “අනාගතය හැඩගැස්වීම: ශ්‍රී ලංකාවේ ජනගහන ගතිකත්වය” මැයෙන් ප්‍රතිපත්ති සංවාදයකදීය.

අපේක්ෂා කළ හැකි අනාගතයේදී ශ්‍රී ලංකාවේ සමස්ථ සශ්‍රීකත්ව අනුපාතය (TFR) ප්‍රතිස්ථාපන මට්ටම replacements වන සියයට 2.1 දක්වා ළඟා වනු ඇතැයි සිතිය නොහැකි බව ඔහු පැවසීය.

මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සෘණාත්මක දෙයක් ලෙස නොසැලකිය යුතු බව මහාචාර්ය ද සිල්වා මහතා පැවසීය.

“බොහෝ විවාහකයන් ගැබ්ගැනීම් වළක්වා තියනවා. දෙමව්පියන්ට ඔවුන් සිටින ළදරුවන් සඳහා වැඩි සම්පත් ආයෝජනය කරන්න පුලුවන්. අපට උසස් තත්ත්වයේ ජනගහනයක් ඇති කළ හැකිය. මෙය ප්‍රමාණය හා ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක්, වයෝවෘද්ධ ජනගහනය දැන් මිලියන 3.6 ක් වෙලා.  ඉදිරි දශක කිහිපය තුළ එම සංඛ්‍යාව වැඩි වෙන්නත් පුලුවන්. ”ඔහු පැවසීය.

ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ කුමාරසිරි, ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, IPS ආයතනයේ සංක්‍රමණ හා නාගරීකරණ ප්‍රතිපත්ති පර්යේෂණ ප්‍රධානී ආචාර්ය බිලේෂා වීරරත්න යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.

Last modified on Friday, 16 August 2024 12:55

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us