ශ්‍රී ලංකාවේ පරිසරික විනාශය ගැන වාර්ථාවක් බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා පාර්ලිමේන්තුවට බාර දීම, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් ලබන 15 වන දින සිදු කිරීමට නියමිතය.

වසර 1987 දී නිවට රාජ්‍ය නායකයෙකුගේ ආරාධනා ලැබ ලංකා භූමියෙන් තුනෙන් පන්ගුවක ආක්‍රමණික ඉන්දියානු හමුදා වාඩිලා ගෙන සිටිද්දී, කුජීත ආන්ඩුවට විරුද්ධව සටන්කරන තරුණ පරපුරකට දැනුම සම්පාදනය කිරීමට යුද්ධ විද්‍යා පාඩම් සැකසු, 1971 දී එන්ගලන්ත රැජිණගේ කොළඹ ආණ්ඩුව පෙරලා දැමීමට අපිට අයිතියක් තිබේ යයි ඊනියා අපරාධ විනිශ්චය කොමිසමට අභියෝග කළ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ හම්බන්තොට බැද්දේගමක උපන් තරුණයෙක් පසුගිය දා නිහඬවම මෙලොවින් සමුගත්තේය.

දළදා පෙරහැර පැවැත් විමට විශාල බාධා රැසක් ඇතැයි අලි හොරු සංගමය අවධාරනය කරමින් සිටි තවද එය බෞද්ධ විරෝධි කුමන්ත්‍රනයක් බව අවධරනය කරන ඔවුන් NGO නඩය මේ සදහා මුදල් යොදවන බවද පවසයි.

කලෙක ඇඟලුම් කම්හලක හිමිකරුවන් වූ ඒ දෙපළ, එදවස තෙමහල් නිවසක විසූ ඒ යුවළ අද අලුයම 2.00 ට අවදිවී කඩයප්පම් තම්බති. දියණියගේ කශේරුකාවේ ඇද හරින්නට මවක්‌ පියෙක්‌ එසේ වෙර දරති. ඉන්න හිටින්නට තිබූ තැන ඇතුළු සබ්බ සකලමනාවම දෛවය විසින් උදුරා ගනිද්දී, ඒ කිසිවකට උදුරාගත නොහැකිවූ දරු පෙම, එකම දිරිය කර ගනිමින් සිය දිරිය දියණිය සුවපත් කරගැනීම උදෙසා සෑම තත්පරයක්‌ම කැප කරති.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම සඳහා ගෙන ආ ඖෂධ නියාමන අධිකාරි පනත අනුව පිහිටවූ එම අධිකාරියේ සභාපතිධුරය ඉසුලූ මහාචාර්ය ලාල් ජයකොඩි මහත හා ප්‍රධාන විධායකධුරය ඉසුලූ මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය යන මහත්වරුන්ට ඉල්ලා අස්වන තැනට වැඩ සලස්වා මේ වන විට එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දොස්තර කමල් ජයසිංහව පත් කර තිබේ.

පසුගියදා ජපානයේ සංචාරයක් සඳහා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම සංචාරය සඳහාත් ප්‍රභූ( VIP) පහසුකම් ලබා දෙන්නැයි විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ. පසුගිය මාසයේ උගන්ඩාවේ සංචාරය කිරීම සඳහා වන වියදම සහ ප්‍රභූ පහසුකම් විදේශ අමාත්‍යංශය විසින් ලබා දී තිබිණි.

රටේ ආර්ථික ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් මේවන විට පවතින ජනතා විරෝධය යටපත් කිරීම සඳහා මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ එම ඇමැති තනතුර වෙනස් කිරීම හෝ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්ර්න් මහතාගේ එම ධූර කාලය දීර්ග නොකිරීම යන දෙකෙන් එකක් ‍තෝරා ගැනීම විය යුතු බවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අගමැතිවරයාගේ පාර්ශ්වයට දැනුම් දී ඇත්තත් අගමැතිවරයා මහ බැංකු අධිපති කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා ගෙන සිටින බව දැන ගැනීමට තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා කොස්ගම සාලාව උණ්ඩ ගබඩාව පිපිරීමෙන් පසුව කීවේ තමන් මෙම ගබඩාව අනාරක්ෂිත බැවින් එහි තිබූ උන්ඩ වේයන්ගොඩ ගබඩාවට ගෙන ගොස් දැමූ බවය. මේ ගැන විමල් වීරවංශලා වැනි ගොබ්බ දේශපාලකයන්ද කීවේ ගෝඨාගේ වැඩ පිලිවෙල මේ ආණ්ඩුව ක්‍රියත්මක නොකිරීම නිසා සාලාවේ අනතුර වූ බවය. එහෙත් වේයන්ගොඩ උණ්ඩ ගබඩාව යනු කිසිදු ලෙසකින්වත් ආරක්ෂක ක්‍රමවේදයක් හෝ පවත්වාගෙන ගිය ගබඩාවක් නොවන බව මේ වනවිට හෙළිව තිබේ.

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව සඳහා දැනට සිටින සාමාජිකයින් 24ට අමතරව තවත් සාමාජිකයින් දෙදෙනෙකු පත්කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.

කථානායක කරු ජයසුරියගේ ඉල්ලීම පරිදි තමන් දිනකට ඇවිදින පියවර ප්‍රමාණය මැන ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට, පාර්ලිමේන්තු කාර්‍යමණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අනුබද්ධ සේවාවන්හී නියුතු වූවන් සඳහා පියවර මානයන් ( Pedometer ) 1500ක් ලබා දීමට ද නියමිතය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන "පියවර දහසක් නිරෝගී දිවියක්" වැඩසටහන යටතේ හෙට (08) දින පාර්ලිමේන්තුවේ දී ක්‍රියාත්මක වනු ඇත.

Connet With Us