බලන බලන හැම ෆිල්ම් එකේම ඒ මතවාදයට අදාල සංකල්ප හොයන, හැම ෆිල්ම් එකටම එකම විචාරය දෙන ෆිල්ම් බැලිල්ලට වැඩිය ඒක ටිකක් වෙනස්. එහෙම ෆිල්ම් බලද්දි ෆිල්ම් එකේ අභ්‍යන්තරික තර්ක ගලනය මගින් මගෙ ට්‍රිප් එකට මෝඩවිදිහට භාදාකලේ නැතිනම් හෝ මාව ශොක් නොකර හිටියෙ නැත්නම් සාමාන්යයෙං ෆිල්ම් එකක් හොඳයි කියල තමයි මගෙ ඔලුවට යන්නෙ. ඒක එක්තරාවිදිහක මනෝචාරිකාමය අත්දැකීමක්. ඉතිං 'ඇගේ ඇස අග' කියන්නෙ හඳගමගෙ සෙන්සස් හරහා මම මගෙ ඔලුව ඇතුලෙ ගියපු සෑහෙන්න හොඳ ට්‍රිප් එකක්.
ඒක විවිධ අය විවිධ විදිහට කියවලතිබ්බ උනත්, ඒ හැම විචාරයකම පදනම වෙලා තිබ්බෙ එම චිත්රපට කථාව ගමන් කරන්නෙ යථාර්තවාදී කාලඅවකාශ මානයක කියන එකයි. ඒත් මම හිතන්නෙ ඒ චිත්රපටය අපිට එහෙම කියවන්න පුලුවං එකක් නෙමෙයි. එහෙම යථාර්තයේ සිද්ධවෙච්ච කතාවක් විදිහට කියවන්න ගියොත් ස්වර්ණගෙ ශොට් එකට නොගැලපෙන රංගනය, කුස්සි නැටුමේ තියෙන ඕවර් ගතිය, විශ්වසනීයත්වය බිඳෙන විදිහේ රෙඩිමේඩ් සිද්දි ගලනය, හඳයටත් ලියන්න සෑහෙන්න වෙලාවක් යන්නැති කියල හිතෙන දෙබස් තරුණිය තමංගෙ කටට එන ඒව විදිහට කියන්න හැදුවහම එන ඔඩ් ගතිය වගේ දේවල්, කියවීම සඳහා වන භාදාවල් විදිහට හරහට හිටිනව. ඒක හින්ද තමයි ෆිල්ම් එක යථාර්තවාදී විදිහට කියවල හොඳයි කියපු අයම ඒ ඉහත කියපු දේවල් ටික අඩුපාඩු විදිහට දැක්කෙත්.
ඒකනිසා මම හිතන්නෙ මේ චිත්රපටයෙන් අපට පෙන්වන්නෙ ස්වර්ණගෙ (බිරිඳගේ) ඔලුව ඇතුලේ සිද්ධවෙන කතාව, එහෙමත් නැත්නම් ඇගේ විඥාන ගලනය මිසක් යථාර්තවාදී කාලාවකාශයක සිද්ධවෙන කතාවක් නෙමෙයි. මොකද මේකෙ රූප පෙලගැහිල තියෙන්නෙ එහෙම කියවීමකට මිසක් යථාර්තවාදී රේඛීය ආඛ්යානයක් විදිහට කියවන්න නෙමෙයි.
ඉදිරිය හෝ පිටත එතරම් පැහැදිලිව නොපෙනෙන යම්කිසි දෙයක ඇතුලෙ හිරවෙලා ඉන්නවය කියන අදහස දෙන කාරයක ඇතුලත රූපෙකිං පටං අරං එම රූපයෙන්ම අවසන් කරන චිත්රපටයේ බහුතරයක් වූ රූපවල පෙලගැස්ම අපට ගෙන එන ප්රධාන සංවේදනය වෙන්නෙ ක්ලොස්ටර්ෆෝබික් ඇංක්සයිටි එක. මම හිතන්නේ අපි ස්වර්නගෙ ඔලුව ඇතුලෙයි ඉන්නෙ කියන එක තහවුරු කරන්න ඒක හොඳ සාධකයක්. ඒ වගේම ස්වාමි පුරුෂයගෙ ඔලුව පිටුපස සිට ඔහුගේ දෘශ්යපතය වෙත එල්ල කරන ඔහුව අපි දකින පලමු රූපයත්, හැමවිටම පුරුෂයා තමංගෙ කාමරයට යන එක පෙන්වන ට්රැක් ෆෝවඩ් ශොට් එකත්, ස්වර්ණා එම කාමරයට යද්දි පෙන්වන ට්රැක්බැක් එකත් වගේ රූප ඉංගිතයන් හැමවිටම අපිට යෝජනා කරන්නෙ දෘෂ්ඨියේ අයිතිකාරයා ස්වර්ණා කියන එකයි.
ඒ වගේම ස්වාමිපුරුෂයා තරුණියත් සමග සෙක්ස් කරන්නැතියි කියල අපිට හිතෙන පලමු සීන් එකෙන් පස්සෙ ස්වර්නගෙ ඔලුව අසල ඇයගෙ තරුන කාලය පෙන්වන චායාරූපයක් සහිත රූපයකට කැපෙන එක වගේ, ස්වර්ණගෙ දෘශ්යමානයෙන් එපිට සිදුවන සෑම දර්ශනයකම කෙලවර ස්වර්ණගෙ රූපයකට චේදනය වීම වැනි රූප තාක්ෂනයන් අපෙන් ඉල්ලා හිටින්නෙ මේ සිදුවන සිද්දීන් ඇයගේ ෆැන්ටසීන් බවත්, එහි සිටින තරුණිය ඇයගේම තරුණ කාලය හා ඇය දන්න වෙනත් ගැහැනුන් ආශ්‍රයෙන් ඇය තනාගත් මනෝරූපයක් පමණක් ලෙසත් කියවන්න කියන එකයි.
තම ස්වාමියාගෙ ආකර්ෂනය දිනාගැනිම, ආහාර පිසීම විනෝදයක් ලෙස සැලකීම, තමන්ගෙ දුවව ආරක්ෂා කරගැනීම වගේ ඇයට භෞතිකව කලනොහැකි රොමැන්ටික්, හෙරොයික් දේවල් වලට ඇය යොදාගන්නෙ ඇගේ මේ ෆැන්ටසි රූපයයි. තමන්ගෙ ප්‍රාර්ථනීය පැවැත්ම මෙන්ම තමාව පෙලන්නා බවටද ඇය යොදාගන්නේ මෙම රූපයයි.
අජිත් තිලකසේන මාදිලියේ ආඛ්‍යාන තාක්ෂනයක් වන ප්‍රධාන සිද්ධියට සම්බන්ධයක් නොමැති සිද්ධියකින් ප්‍රධාන සිද්ධිය සඳහා වන මූඩ් එක ක්‍රියේට් කිරීමේ තාක්ෂනය රැගත් චිත්රපටයේ අග, පන්සලේදි සිද්ධවෙන ගැහැනුන් දෙදෙනාගේ රන්ඩුව මේ විඥාන ධාරාව පටංගන්නා තැනයි. අනෙක් බොහෝ ගැහැනුන් මෙන් පන්සල් යන්නේ ඇයිදැයි නොදැන පන්සල් යන, ජීවත්වීම සඳහා බලාපොරොත්තු නැති ඇයගේ වියපත් ආත්මයට ජීවත්වීම සඳහා වන අරමුණ සපයන්නේ පන්සලේදී දිගහැරෙන මේ රන්ඩුවයි. මෙතෙක්කල් බුදුන් වැඳීමෙන් නොලැබුනු සන්තෘෂ්ඨිදායක ජීවිතාවබෝධය ඇය ලබාගන්නේ, ජීවයෙන් පිරුනු එම ගැහැනු දෙන්නාගේ ජීවිත වලට විනෝදය සපයන තම ස්වාමියා වෙනත් ගැහනියක සමග සම්බන්ධවීම අවිඥානිකව ආශ්වාදනය කරන මනෝ ලිංගික ෆැන්ටසියක් වන 'කක්වීන් ෆැන්ටසිය' වැනි යමක් සිය ජීවිතාරම්මණය කරගැනීමෙනුයි.
එම විශාල රන්ඩුව මැදින් මතුවනසේ තරුණියව ස්ථානගත කිරීමෙන් රූපාර්ථ ගන්වන්නේ ස්වර්ණා එම තරුණියගේ රූපයෙන් සංඛේතවත් කරන ජීවිතාරම්මණය මානසිකව අහුලාගන්නේ එම රන්ඩුව මැදින්ය යන්න බවයි.
අවසන් දර්ශනයට පෙර චිත්රපටයේ පෙන්වූ ආකාරයටම මෙතනින් එහාට ඇයව ජීවත් කරවනු ඇත්තේ, එහෙමත් නැත්තං මිනිහ මැරිලත් තව අවුරුදුපහලොවක් විතර යනකං අල්ලං ඉන්න ගෑනියෙක් විදිහට ඇයව සකසනු ඇත්තේ, අත්හැරීම පවා විනෝදයක් බවට හරවන මෙම ෆැන්ටසියයි. නමුත් අතිශය අසාධාරණ ලෙස හඳගම ඇයට යෝජනා කරන්නේ එවැනි මහානුභාව සම්පන්න ෆැන්ටසියක සිට පන්සල වැනි රලු යථාර්ථයකට ඇහැරෙන ලෙසයි. හැබැයි මම හිතන්නෙ හොඳ විකල්පයක් නැතුව කවුරුවත් එහෙම ඇහැරෙන එකක් නෑ කියන එකයි.
අවසාන වශයෙන් මේක අශෝක හඳගමගේ වඩාත් නීට් ෆිල්ම් එක යන්න ඇත්ත උනත්, නීට්නස් එක හෝ පර්ෆෙක්ට්නස් එක කියන්නෙ හොඳ චිත්රපටියක් මනින සාධක නොවන බැවින්, ඔහුගේ චිත්රපටවල පෙර තිබූ රූපමය සියත් භාවය මේකෙත් දකින්න තිබ්බනම් හොඳයි කියලයි මම හිතන්නෙ. මොකද එහෙම රූපමය සියත්භාවයක් ගොඩනගාගන්න එක ලේසිවැඩක් නෙමේ කියන එක සිනමාකරුවෙක් විදිහට මම පෞද්ගලිකවම දන්න නිසත් ලෝකයේම පවා එහෙම ඩිරෙක්ටර්ස්ල ඉන්නෙ කීපදෙනෙක් පමනක් නිසාත් හා කලාකරුවෙකු දෙයක් කියන විදිහක මිසක් කියන දේක ඇති ලබ්බක් නැති නිසාත්ය.
-ඩෙනිස් පෙරේරා