මෛත්‍රී නොතකන පරිසරය ගැන යුරෝපා පාර්ලිමේන්තුවට වාර්ථාවක් !

Published in පුවත්
Monday, 13 June 2016 16:46

ශ්‍රී ලංකාවේ පරිසරික විනාශය ගැන වාර්ථාවක් බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා පාර්ලිමේන්තුවට බාර දීම, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් ලබන 15 වන දින සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සිදුවන දැවැන්ත පරිසර විනාශය හා ඒ වත්මන් පාලකයන් විසින්ද නොතකා හැරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා දැඩි විවේචනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි හෝ නොතකා හැර තිබේ. මෙහිදී විශෙෂම කරුණ වන්නේ වත්මන් පරිසර ඇමැතිවරයා වන්නේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වීමය. ඔහු විසින් වත්මන් පාලන කාලය තුල පවරාගෙන තිබෙන ඔහුගේ රාජකාරි අතර පරිසරය සු‍රැකීම කියන කාරනයද ඇතුලත් අතර ඒ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පිහි‍ටුවා ඇත. එමෙන්ම ජනාධිපතිවරයා විසින් පරිසරය ‍රැකිම ගැන උද්වේග කර කතා නිරන්තරයෙන් ප්‍රසිද්ධ වේදිකාවන් හී සිදුකරනු ලැබුවද මේ දක්වා පරිසරය රැකීම සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැත. පරිසරය විනාශ කරනු ලබන තක්කඩි ව්‍යාපාරිකයන් සියලු දෙනාම ජනාධිපතිවරයා වටා හිඳිමින් ඔහුගේ දේශපාලන ගමනට උදව් කිරීම තුල පරිසරය සු‍රැකීම වේදීකාවල ජනප්‍රිය කතා වලට පමණක් සීමාවී ඇත.

මේ තත්වය තුල තව දුරටත් වත්මන් පාලකයන්ගෙන් පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කිසිදු බලාපොරොත්‍ටුවක් තැබිය හැකිව නැත. සියල්ල මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමාවී පවතී. මේ තත්වය මත ශ්‍රී ලංකාවේ පාරිසර විනාශය සම්බන්ධයෙන් සැබෑ තතු යුරෝපා පාර්ලිමේන්තුවට දැනුම් දී ඒ සම්බන්ධයෙන් යම් බලපෑමක් වත්මන් පාලකයන් වෙත සිදු කිරීම විය යුතු බවට සොබදහම් අධ්‍යයන මධ්‍යසථානය ගත් තීරණය අනුව මෙම වාර්ථාව යොමු කෙරෙනු ඇත. 

කෙසේ නමුත්  ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ගොඩ නැගී ඇති ව්‍යාජ ප්‍රතිරූපය විනාශ වී යාමට තව වැඩි කලක් ගත නොවනු ඇති බව මෙවැනි ක්‍රියා මාර්ග වලින් පැහැදිලිය.  විධායක ජනාධිපතිවරයා ලෙසත් ඔහු විසින්ම පවරා ගනු ලබූ පරිසර විෂය සම්බන්ධයෙන් දක්වන් අලස හෝ තක්කඩි ප්‍රතිපත්තිය මෙරට කවර අකාරයේ සංවර්ධන දිශාවකට යොමු කළද රටක් විදිහට ජයග්‍රහණයක් ලැබිය හැකිවන්නේ නැත.

env 1

 

 

Last modified on Monday, 13 June 2016 16:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us