එජාපය දෙකඩ කැඩීමේ කුමන්ත්‍රණයක් ඇතුළෙන්ම ! ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයකුත් හවුල්

Published in පුවත්
Monday, 13 June 2016 17:23

එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, රනිල් වික්‍රමසිංහ විරෝධී සජිත් පාර්ශ්වය නියෝජනය කර පිරිස් හා මේවන විට ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරු හොබවන පිරිසක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා මේවන විට කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් දියත් කර තිබේ.

එම කණ්ඩායමට සම්බන්ධ ආරංචි මාර්ග අනුව හෙට(14) දිනයේදී බත්තරමුල්ලෙ වෝටර්ස් එජ් හොටලයේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද සිදු කිරීමට නියමිතය. මෙම කණ්යඩායම ' වොටර්ස් එජ් ටීම්' ලෙස හැඳින්වීමටද කට යුතු කර තිබේ.

මොවුන්ගේ බලාපොරොත්තුව වන්නේ ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය අඩපණ කොට පාර්ලිමේන්තුව තුල ඉදිරි වසර පහ තුළ තීරණාත්මක සාධකයක් ලෙස ඔවුන්ගේ බලය ව්‍යාප්ත කිරීමය. ඉන් අනතුරුව 2020 ජනාධිපතිවරණය ඉලක්ක කොට තමන්ගෙන අපෙක්ෂකයෙක් ඉදිරිපත් කිරීම මූලික සැලසුම වී ඇත.
විශේෂයෙන්ම වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණ වැඩි වාසි අත්පත් කර ගැනීම වලක්වා සමාජය ඉල්ලා සිටින විකල්ප නායකත්වය ඔවුන් වෙත තබා ගැනීම මගින් ඉදිරි දේශපාලන ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බව මෙම කණඩායමේ මතය වී තිබේ.

මේවන විටත් දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන කටයුතුද මෙම පිරිස දියත් කර තිබේ. නුදුරේම 'make sri lanka great' නමින් ප්‍රචාරක ව්‍යාපාරයක්ද දියත් කිරීමට නියමිතය. මෙහි මූලික සැලැස්ම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් සකසා ඇත. 

Last modified on Monday, 13 June 2016 17:34

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us