සාලාව පිපිරුමේ වගකීම හිටපු නිළධාරියා කර මතට

Published in පුවත්
Monday, 13 June 2016 22:08

පසුගියදා අවිස්සාවෙල්ල කොස්ගම සාලාව යුධ හමුද කඳවුරේ 'උප උණ්ඩ ගබඩාව' ගිනිගෙන විනාශ වී යෑමේ වගකීම එම ගමබාව මිට මාස කිහිපයකට පෙර බාරව සිටි හමුදා නිළධාරියා මත පැටැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව හමුදා ආරංචි මාර්ග පවසයි.

මීට මාස දෙකකට පෙර එම ගබඩාව බාරව සිටියේ මේජර් රොෂාන් පෙරේරාය. එහෙත් ඔහුගෙන් පෞද්ගලිකව කළ පළිගැනීමක් ලෙස ඔහුව දියතලාව හමුදා කඳවුරට මාරු කර යැවීමට ඔහුට ඉහළින් සිටි නිළධාරියකු කටයුතු කර තිබේ. ඒ එම නිළධාරියා සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් යුධ හමුදාපතිවරයාට බාර දීමට රොෂාන් පෙරේරා කටයුතු කිරීම හේතුවෙනි.

හමුදාවේ ක්ර්මවේදය අනුව හමුදාපතිවරයාට පැමිණිලි යොමු කිරීම තමන්ට ඉහළ නිලධාරීන් හරහා සිදු විය යුතුව තිබෙන අතර මේජර් රොෂාන් පෙරේරාගේ පැමිණිල්ල බාර දීමට සිදුව තිබුණේ චෝදනාවට ලක් වු නිළධාරියා අතටය. එම පැමිණිල්ල හමුදාපතිවරයා තට යෑම වෙනුවට සිදු වූයේ ඔහුට දඬුවම් මාරු වීමක් ලැබීමය.

සාලාව ගබඩාවේ ගින්න සම්බන්ධයෙන් මේජර් රොෂාන් පෙරේරාව වග උත්තර කරු කිරීමට හේතුවක් කොට ගෙන ඇත්තේ ගබඩාවේ ගින්න ආරම්බ වූ ස්ථානය ආශ්‍රිතව ආරක්ෂිත පියවර ගෙන නොතිබුණු බවට චෝදනා කොටය. පසුගිය මාස දෙකක කාලය මේ ගබඩාව බාරව සිටි ඉහල නිළධාරියා වන මේජර් ජනරාල් කෙනෙත් එඩ්මා ව චෝදනාවෙන් මඟ හැර රොෂාන් පෙරේරාට චෝදනා එල්ල කිරීම මේවන විට සාලාව කඳවුරේ ප්‍රසිද්ධ විහිළුවක් බවට පත්ව තිබේ.

මෙම ගබඩාව බාරව සිටි කෙනෙත් එඩ්මා අවි හෝ උණ්ඩ ගබඩා කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුමක් නැති නිළධාරියකු වන අතර ඔහු මීට පෙර වගකීම් උසුලා තිබුනේ වාහන , ඉන්ධන හ කැම බීම සම්බන්ධයෙනි. එමෙන්ම මේජර් රොෂාන් පෙරේරා වෙනුවට අනුයුක්ත කළ ලුතිනන් වරයාද මේ සම්බන්ධයෙන් කිසිදු දැනුමැත්තකු නොවේ.

උණ්ඩ ගබඩාවල රාජකාරි සඳහා අනුයුක්ත කරන හමුදා නිලධාරින් 'වෙඩි ද්‍රව්‍ය කාර්මික නිලධාරි (ATO -Ammunition Technical Officer) පාඨමාලාව අනිවාර්යයෙන්ම හදාරා තිබිය යුතුය. උණ්ඩ ගබඩා වල සේවය සඳහා යොදවන සාමාන්‍ය සෙබළුන් අනිවාර්යයෙන්ම (AT -Ammunition Technician) පාඨමාලාව හදාරා තිබිය යුතුය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us