හඳුන්ගේ සහයට මහින්දානන්දත්

Published in පුවත්
Saturday, 11 June 2016 07:18

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව සඳහා දැනට සිටින සාමාජිකයින් 24ට අමතරව තවත් සාමාජිකයින් දෙදෙනෙකු පත්කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට කෝප් කමිටුවට යෝජිත නව සාමාජිකයන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ එක්සත් ජාතික පක්ෂයෙන් අබ්දුල්ලා මහරුෆ් මන්ත්‍රීවරයාය. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයා ලෙස මහින්දානන්දව නම් කර තිබේ.

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව පිහිටුවීමේ අරමුණ වුයේ දූෂණ - වංචා හා අක්‍රමිකතාවලට සම්බන්ධ රාජ්‍ය ආයතන පිළිබඳ විමසා බලා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කරන්නටය. නමුත් මේ වන විටත් යෝජිත සන්ධානයේ කෝප් කමිටු සාමාජිකයා වන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අදාළව දුෂණ අක්‍රමිකතා චෝදනා ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නාවලපිටියේ පිහිටි රක්ෂිතයකින් රුපියල් 69000ක වාර්ෂික බදු මුදලකට මහින්දානන්ද අලුත්ගමගේ පදනමට ලබාගත් ඉඩමක තැනූ ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 12ක වාර්ෂික කුලියකට නැවත රජයේ ආයතනයකට ලබාදී අයථා ලෙස මුදල් උපයා ගැනීමේ වංචාවක් සිදුකිරීම ඇතුළුව නීති විරෝධී ලෙස සහ අයථා ලෙස කෙටි කාලයකදී මහජන මුදල් හා දේපොළ වංචා කර වත්කම් උපයා ගැනීම සම්බන්ධව චෝදනා අවම වශයෙන් මේ වන තුරු විභාගකරවත් නොමැත.

දූෂණ වැළැක්වීම සඳහා ක්‍රියාත්මකවන අන්තර්ජාතික සමුළුවේදී ශ්‍රී ලංකා රජය ඒ සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉතා පැහැදිලි ප්‍රකාශයක් ලොව හමුවේ තැබුවා අපට මතකය. එහිදී දූෂණ වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන ආකාරය ගැන සාධනීය අදහසක් බලවත් රටවලට ඇති බව පෙනෙන්නට තිබිණ. මහා බ්‍රිතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය වැනි රටවල් එය අගය කෙරිණ. නමුත් ඒ ගතවී මාසයක් ගිය තැන මහින්දානන්ද මන්ත්‍රීවරයා වැන්නකු කෝප් කමිටුවේ සාමාජිකයකු කිරීමට තරම් අමතකවීමේ රෝගයක් ඇතනම් ජාත්‍යන්තරයේ කීර්තිය පමණක් නොව ආණ්ඩුවේ ගමනද වැඩි දුර නොවනු ඇත.

කෙසේ වුවත් ආරංචිමාර්ග පවසන ලෙස පත්වීම් සිදුවනවා නම් රාජ්‍ය දේපල අවභාවිත කළ බවට චෝදනා ලැබූ සාමාජිකයෙකු ජනාධිපති කොමිසමක් හමුවේ චෝදනා ලබා සිටින අයෙකු සිටින කෝප් සභාවක් ඇතිවනවා පමණක් නොව ඒ තුළ එහි වත්මන් සභාපතිධුරය දරණ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්හෙත්තිලා කෙසේ කටයුතු කරාවිද යන්න දෙසද අප විමසිල්ලෙන් බලා සිටිමු.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us