අැමරිකානු ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාටම සාපරාධී චෝදනා

Published in පුවත්
Tuesday, 07 June 2016 12:59

එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම සාපරාධී අධිචෝදනා වලට වගඋත්තරකරුවන් වීමේ අවධානමක් මතුව තිබේ. ඒ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩෙමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන හිලරි ක්ලින්ටන් යන දෙදෙනාටය.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවට පදනම්වී තිබෙන්නේ ට්‍රම්ප් විශ්වවිද්‍යාලය හරහා සිදුකල ඉපයීම් සම්බන්ධවය. එකී චෝදනා ගොනුකර තිබෙන්නේ ට්‍රම්ප් විශ්වවිද්‍යාලයේ පැරනි ශිෂ්‍යයින් විසින් වන අතර ඊට අනුව ට්‍රම්ප් නාමය භාවිතා කර සිසුන් වෙතින් වංචාකාරීව මුදල් උපයා ගැනීමට රිපබ්ලිකන් අපේක්ෂකයා සෘජුව දායකවී ඇතුවා පමණක් නොව උපදේශනය සැපයීම යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 40 ක් ලබාගෙන ඇත.

මේ සම්බන්ධව නිව් යෝක් ප්‍රාන්ත නීතිපති එරික් ස්නීඩර්මන් පසුගිදා රුපවාහිනී වැඩසටහන් කිහිපයකට සහභාගීවී ප්‍රසිද්ධියේම ට්‍රම්ප් වෙත චෝදනාකර ඇත. එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ නීති විරෝධී, ලියාපදිංචි නොකල විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට සහ ඒ හරහා ඉපයීම් සිදුකිරීමට දායක වීම සාපරාධී ක්‍රියාවක් බවත් ඊට අදාළ නීති එක්සත් ජනපදය සතු බවත්ය. මීට අමතරව කූට සහ අයතා ඉපයීම් සම්බන්ධව ඇමරිකානු පුවත්පත් ට්‍රම්ප් වෙත චෝදනා එල්ල කරමින් ඇත.

ඩෙමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන හිලරි ක්ලින්ටන් ට එරෙහිව ඉදිරිපත්ව ඇති සාපරාධී චෝදනාව වන්නේ ඇය රාජ්‍ය ලේකම්වරියව සිටි සමයේ ආන්ඩුවට සම්බන්ධ ඇගේ සියලු සන්නිවේදන පුද්ගලික විද්‍යුත් සේවාදායකයෙක් (server) හරහා හැසිරවීමය. මෙය තොරතුරු දැනගැනීමේ නිදහස පිලිබඳ පනතේ ප්‍රතිපදාන නොසලකා, ඇගේ ලිපි හුවමාරු පැහැදිලිවම තම පාලනය යටතේ තබා ගැනීමේ අපේක්ෂාවෙන් කෙරුනු සැලැස්මක් බව චෝදනා හරහා කියවේ. මේ පිළිබද එක්සත් ජනපද FBI පරීක්ෂණ තවමත් සිදුවන අතර එහිදී පරීක්ෂණ වලදී බොරු සාක්ෂි දීම සම්බන්ධව ඇය වගඋත්තරකාරියක වීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්තාව : සජමලි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us