ගොඨා ඔයා හරි, රටේ තියෙන්නේ තාම රාජපක්ෂ පාලනය

Published in පුවත්
Tuesday, 07 June 2016 11:04

වර්තමානයේ රට තුළ පොලිස් පාලනයක් පවතින බවත් ජනතාව බලාපොරොත්තු වූ වෙනස වත්මන් ආණ්ඩුව තුළින් සිදුව නොමැති බවත්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් පැවැසීය.

ගොඨාභය රාජපක්ෂ නිවැරදිව කියා ඇති පරිදී වෙනසක් සිදුව නැත. තවමත් ක්‍රියාත්මක වන්නේ රාජපක්ෂ පන්නයේ පාලනයකි. ප‍ටු දේශපාලන වුවමනාවන් මත සියල්ල තීරණය කෙරේ. දූෂන වංචාවන් ඉවහහා ගොසිනි. නීතියක් රීතියක් ඇත්තේ නැත. ඒ සියල්ල බල්ලට ගොසිනි. පොලීසිය යහපාලකයන්ගේ රූකඩ බවට පත්ව තිබේ. ගෝඨාභය ඇතුලු චෝදනා ලත් රාජපක්ෂවරු සියලු දෙනා නිදැල්ලේය. දූෂණ වංචා විරෝධයේ මාධ්‍ය සංදර්ශන පමණක් සිදුවෙමින් තිබේ.

එමෙන්ම ඒ ගෝඨාභය රාජපක්ෂ මෙම උත්සවයේදී වැඩිදුරටත් කියා සිටියේ රටට ආදරය කරමින්, ඒකීය රාජ්‍යයක් යටතේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරමින්, රට ආරක්ෂා කළ රණවිරුවන් ආරක්ෂා කරමින්, ඉදිරියට යන ඕනෑම කෙනෙකුට තමන් සහයෝගය දෙන බවයි. එනම් නොකිය කියන්න තමන්ගේ සහය මෛත්‍රීපාල සිරිසේනට බවය. අද ජනාධිපතිවරයාගේ වුවමනාව මෙයය. ආන්ඩුවේ ආරංචි මාර්ග අනුව මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂාවෙන් පසුවන අතර එහිදී ඔහුගේ ප්‍රධාන සහයකයා වනු ඇත්තේද ගෝඨාභය රාජපක්ෂය. ඒනම් මීළඟ පිහි‍ටුවනු ලබන ශ්‍රීලනීප ආණ්ඩුවක අගමැති වරයා වනු ඇත්තේ ගොඨාභයය. මේ වන විටත් ගොඨාභය රාජපක්ෂ මහතා සිය හිතවතුන් සමඟ මේ බව පවසා ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා ගෝඨාභය රාජපක්ෂ ගේ නම යෝජනා කරන බවට අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න සිදුකළ ප්‍රකාශය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ මෙතෙක් ඒ පිළිබඳව කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවයි. එමෙන්ම රාජපක්ෂවරුන් සමග වැඩකිරීමට තමන් සූදානම් නොමැති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ඊයේ රාත්‍රී පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. එහෙත් දුමින්ද හා රාජිත කරනු ලබන ප්‍රකාශවල කිසිදු වලංගුතාවයක් නොමැති බව පසුගිය කාලයේදී මොවුන් දෙදෙනා මාධය හමුවේ සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලූ විට පෙනී යයි. එම නිසා මෙම ප්‍රකාශයන් ගැන එතරම් කල්පනා කළ යුතු නැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us