යහපාලනයෙනුත් ඉඩම බේරාගන්න බැරිවී ශ්‍රී නිවාස් දිවි නසා ගනී

Published in පුවත්
Tuesday, 07 June 2016 10:18

වසර විසි පහක් තිස්සේ රජයට පවරාගෙන තිබූ තමාගේ වත්තල පිහිටි ඉඩම නැවත ලබා ගැනීමට ගත් සියලූ උත්සාහයන් ව්‍යවර්ථ වෙද්දි ශ‍්‍රී නිවාස් නම් පුද්ගලයකු සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

1981 ජේ. ආර්. ජයවර්ධන රජයෙන් වත්තල ප‍්‍රදේශිය සභාව පවත්වා ගෙන යාම සඳහා යැයි පවසමින් ශ‍්‍රී නිවාස් මහතාගේ පවුලට අයත් වත්තල නගරයේ පිහිටි නිවස සහ ඉඩම රජයට පවරාගෙන තිබින. චන්ද්‍රිකා රජය සමයේදීත් මහින්ද රජය සමයේදීත් සිය නිවස හා ඉඩම ලබා ගැනීමට දිගින් දිගටම උත්සාහ කළ ද එම රජයන්ගෙන් ඔහුට සාධාරණයක් ඉටු වී තිබුණේ නැත.

යහපාලන රජයෙන් හෝ තමන්ට සධාරණයක් ඉටුවේයැයි යන දැඩි අපේක්‍ෂාවකින් පසු වූ ශ‍්‍රී නිවාස් මහතා අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාව කිහිප වතාවක් හමුවීමට උත්සාහ කළ ද ඒ සඳහා අවසරයක් ලැබුනේ ද නැත. අවසානයේ දී අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඔහුගේ ප‍්‍රශ්ණය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත යොමු කළ අතර එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර තිබෙන්නෙ මෙම ඉඩම කෙසේවත් ලබා දිය නොහැකි බවය. අවශ්‍ය නම් 1981 තක්සේරු වටිනාකම පමණක් ලබාදිය හැකි බවය. රුපියල් මිලියන ගණනක් වටිනා වත්තල නගරය තුළ පිහිටි මෙම ඉඩමට 1981 තක්සේරුව අනුව ලැබීමට නියමිතව තිබුනේ රුපියල් ලක්‍ෂ පහක් වැනි සුළු මුදලක් පමණි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අමරසිරි නැමති පුද්ගලයා පසුගිය රජය සමයේදී ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අතර එවකට ශ‍්‍රී නිවාස් මහතාගේ නිවස සහ ඉඩම ලබාදීමට විරුද්ධව කටයුතු කළ පුද්ගලයෙකි.

එවකට මෙම නිවස අත්පත් කරගැනීමට කටයුතු කළ ජෝන් අමරතුංග ඇමතිවරයාද මෑතකදී ලබා දී තිබෙන ලිපියකින් ශ‍්‍රී නිවාස් මහතාට විශාල අසාධාරණයක් සිදුව ඇති නිසා මෙම ඉඩම වහාම නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

යහපාලන රජයෙන් සධාරණය ඉටුකර ගැනීම සඳහා යායුතු සියළු තැන් වලට යමින් සිය ඉඩම හා නිවස ලබා ගැනීමට අපමණ වෙහෙසක් ගත් ශ‍්‍රී නිවාස් මහතා ඊයේ පෙරවරුවේ සිය නිවස තුළ ගෙල වැළලාගෙන මියගොස් සිටියේය.

තමාට සිදු වූ අසාධාරණයට සධාරණයක් ඉටු නොවෙද්දි වත්තල පිහිටි ඉඩමේ පෙට්රල් වක්කර ගෙන ගිණි තබා ගැනීම හැර වෙනත් මඟක් නැතැයි ඔහු දින කිහිපයකට පෙර සිය සමීප මිතුරෙකුට පවසා තිබේ.

Last modified on Tuesday, 07 June 2016 10:21

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us