අලි හොරු රකින ලොක්කාට වන ජීවි අධ්‍යක්ෂකගෙන් කණේ පාරක්

Published in පුවත්
Tuesday, 07 June 2016 10:12

අලි ජාවාරම් කරුන්වන් බෙරා ගැනීම සඳහා රාජ්‍ය නායක මට්ටමෙන් වන මැදිහත් වීමට විරෝධය දක්වමින් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ඊයේ (06) සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

දැනට ලෝකයේ වන ජීවී විෂය පිලිබඳව සිටින ඉහලම බුද්ධිමතුන් 10 දෙනා අතරට ගැනෙන චරිතයක් ලෙස සැලකෙන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ලෝක බැංකුවේ වන ජීවී ව්‍යාපෘති බාර කලමනාකාරවරයෙක් ලෙස ඉතා ඉහළ වැටුපකට සේවය කරමින් සිටියදී මෙරට වත්මන් අගමැතිවරයාගෙන් ලැබුණු ආරාධනාව අනුව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ රාජකාරි භාරගනිමින් මෙරට රාජ්‍ය සේවයක එක් විය. රාජපක්ෂ යුගයේදී මෙම වන ජීවී දෙපාර්තමේන්තුවේ තනතුර දැරූ අය සෘජුවම අලි ජාවාරාමට සම්බන්ධ සිටි අය බව හෙළිව තිබිණි. එදා සිටි දේශපාලකයන්ගේ ආශිර්වාදය හා බලපෑම අනුව එම නිළධාරීන් එම ජාවාරමට සහය වූ අතර පිලපිටිය මහතාටද එම ආනිසංසයට මුහුණ පෑමට සිදු විය.

මෙම අලි ජාවාරම් කරුවන් බේරා ගැනීම සඳහා, දූෂණ වීරෝධීයකු ලෙස පෙනී සිටින දූෂිත ඇමැතිවරයකු , අමාත්‍යාංශ ලේකම්වරු කිහිප දෙනෙක්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයෙක්, රාජපක්ෂ යුගයේ පැවැති අවනීතියට එරෙහිව හඬ නැගූ එජාපයේ ඇමැතිවරයකුගේ මාධ්‍ය ලේකම්වරයෙක් ද සෘජුව මැදිහත්ව තිබේ. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් අමතා මෙම ප්‍රශ්නය යට ගැසීම සඳහා දැඩි උත්සාහයක් ගෙන තිබේ. මේ ඇමැති මාධ්‍ය ලේකම්වරයා, අලි ජාවරම හා සම්බන්ධ ආන්දෝලනාත්මක තීන්දුවක් දුන් අධිකරණ විනිසුරුවරයකු ලවා මෙම විමර්ශන කටයුතු සිදු කරන පොලීසියේ ප්‍රධානියකුට දුරකතන මාර්ගයෙන් දැඩි බලපැමක් කිරීමද සිදු කර තිබේ. අවසානයේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද මේ උත්සහය ගත් අතර මේ වන විට අධිකරණය ද ඒ අනුව කටයුතු කරමින් ඇත.

අලි හොරුන්ගේ අවශ්යතාවය අනුව පෙරහැරට යැයි කියමින්, වන ජීවිය බාරයේ සිටින අලින් ව යලි අයිතිකරුවන් වෙත භාර දිය යුතු බවට ජනධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එල්ලවු බලපැමට වන ජීවී අධයක්ෂකවරයා සෘජුව විරෝධය දක්වා තිබිණි. එසේ කරන්නේ නම් තමන් ඉල්ලා අස්වන බවත් ඔහු පෙර දැනුම් දීමක්ද සිදු කර තිබිණි. කෙසේ නමුත් ඔහු රාජ්‍ය නායක මට්ටමෙන් සිදුවන අනීතික කටයුතු හමුවේ සිය කොන්ද කෙළින් තබා ගෙන ඉල්ලා අස්වීම විශිෂ්ට පියවරකි.

අද අධිකරණයේ ස්වාධීනත්වය බල්ලට ගොස් ඇති අතර රටේ නීතිය ක්‍රියාත්මක වීම පැවැති රාජපක්ෂ රෙජීමයේ ක්‍රියාකලාපයට නොදෙවෙනිය. සියලු දූෂිතයෝ වත්මන් ආණ්ඩුව සමඟ යහන්ගත වෙමින් සිටී. අගමැතිවරයා වැඩ බැරී දාසයකුගේ තත්වයට පත් ව ඇති අතර ජනාධිපතිවරයා විහිළු සපයන්නකු වී තිබේ.

එමෙන්ම යාල වනොද්‍යානයේ සිටි කොටියෙකු ඝාතනයකර එම සත්වයාගේ දත් ගලවමින් සිටි පිරික් පසුගියදා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අත්අඩංගුවට ගැනීමට අදාළ නීතිමය කටයුතු සඳහා පොලීසියද හවුල්කරගන්නා ලෙස ඇමතිවරයා විසින් වනජීවී නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කිරීම, විල්පත්තුව වන රක්ෂිතය මායිමේ පිහිටි අරුවක්කාලු ප්‍රදේශයට කොළඹ එකතුවන කුණු බැහැරකිරීමට කැබිනට් මණ්ඩලය තීරණක් ගෙන තිබූ නමුත් එය හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය අනුමැති ලබා නොදීම මත ඔහුට එල්ලවී ඇති දැඩි දේශපාලන බලපෑම් ද මෙම ඉල්ලා අස්වීම කෙරෙහි බලපා ඇති බවද වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us