භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහි චෝදනා විභාග කිරීමේ ක්‍රමවේදය මුල්කර ගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) කණ්‌ඩායම් තුනකට බෙදී ඇත.

නීතිය කාටත් පොදුය. ඒත් දැන් යහපාලන ලංකාවේ අධිකරණය ක්‍රියාත්මක වන්නේ පොතේ නීතිය කොහොම තිබුණත් ඒ ඒ නඩුවට ඒ ඒ පැමිණිලිකාරයාට ඒ ඒ විත්තිකාරයාට යනාදි වශයෙන් ඒ ඒ විනිසුරු වරුන්ට කැමැති පරිදි නීතිය ඒ ඒ විදිහට අර්ථ කථනය කරමින්ය. ඒ අර්ථයෙන් නීතිය මඟින් කිසිවකුට හෝ යුක්තිය සාධාරණය ඉ‍ටුවීම බලාපොරොත්තු වීම හෝ නොවීම නම් දැන් කාටත් පොදු වී තිබේ.

රුපියල් ලක්ෂ සියයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව අදාල සැකකරුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ පොලිස් පරික්ෂකවරයාගේ වැඩ තහනම් කිරීම එම නිළධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදුන් පෙත්සම විභාග කිරීමට අද දින(28) එම විනිසුරු මඬුල්ල තීන්දු කළේය.

ජනාධිපතිවරයා විසින් ගත යුතු තීන්දු තීරණ දැන් ගන්නේ සිරස මුදලාලි කිලී මහරාජා විසින් බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. පසුගිය වසරේ ජනවාරි 08 වන දින නව ජනාධිපතිවරයාගේ පත් වීමත් සමඟ ඔහුව මෙහෙයවීමේ බලය කිලි මහරාජා විසින් අත් පත් කර ගත් බව අප විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නෙමු.

අප්පොච්චි ගෙදර යැව්වේ ඇයි අසමින් පසුගිය සමයේ තමන්ට හමුවූ බොහෝ දෙනෙකුගෙන් අදහස් විමසමින් සිටි විමල්ට මේ දිනවල අලුත් ප්‍රශ්නයක් හමුව තිබේ. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ජනතා අදහස් එකතු කළ ලාල් විජේනායක කොමිසම් වාර්තාව පාදක කරගනිමින්ය.

ගාල්ලෙ නෙළුව දෙල්වල ආඳාදොල හරස් කරමින් ධම්මික පෙරේරාට අයත් සමාගමක් විසින් මේවන විට ආරම්බ කර තිබෙන ජල විදුලි ව්‍යාපෘතිය අත් හි‍ටුවන ලෙස විශාල මහජන විරෝධයක් මෙන්ම වාරිමාර්ග දෙපාර්තමෙන්තුවෙන් එල්ල වන විරෝධන නොතකා ඒ ක්‍රියාත්මක කිරීමට මේ යහපාලන ආණ්ඩුවේ බලධරයන් දැඩි උත්සාහයක් ගනිමින් තිබේ.

ටිම්රාන් කීර්ති නම් වූ ප්‍රතිභා සම්පන්න නිර්මාණශීලී කවියා පසුගිය වර්ෂය වෙනුවෙන් පවත්වන ලද සාහිත්‍ය තරඟයෙන් හොඳම කවියා ලෙස පිදුම් ලබා ඇති බව විවිධ මාධ්‍ය ඔස්සේ දැන ගන්නට ලැබිණි. එම අවස්ථාවත් සමඟම නිර්මාණ කරුවා සහ පුද්ගලික ජීවිතය අතර ඇති සම්බන්ධය රාජ්‍යයට ගැටගසමින් පවත්නා සමාජ විෂමතාව පෙන්නුම් කර ඇත්තේ ලංකාවාවෙහි සාම්ප්‍රධායික ව්‍යුහයේ ඇති අඩු පාඩුවක් ලෙසය. එනම් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන පුද්ගලයෙකුට රජය නිසි සැලකීම කළ යුතුය යන ඉල්ලීම හෝ චෝදනාව නැගීමෙන්ය.

අද දින කුරුණගල පඩුවස්නුවර විහාරස්ථානයක බෝධි ප්‍රාකාරයක් විවෘත කිරීමේ උත්සවයකට ගිය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට හූ සංග්‍රහයක් භුක්ති විඳිමේ අවස්ථාව ලැබි තිබේ.

අප රටේ විවිධ වර්ගයේ සුනඛයෝ සිටිති. අතීතයේදී බොහෝ නිවෙස්වල කිසිදු වර්ගයකට අයත් නැති බය සැළකෙන සුනඛයන් සිටිය ද වර්තමානයේ බොහෝ දෙනෙක් වර්ගයක්, පෙළපතක් (pedigree) සහිත ‛උසස්’ යැයි සැළකෙන සුනඛ වර්ග සුරතලයට ඇති දැඩි කරන්නට පුරුදුව සිටින බැව් පෙනේ. බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් එදිනෙදා මග තොට දකින සුනඛයන් සැළකිල්ලකට ගන්නේම නැත.

විගණකාධිපතිවරයා තමන්ව අග්‍රාමාත්‍යවරයා අරලිය ගහ මැදුරට කැඳවූ බවට යන මාධ්‍ය ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් තමන් පාර්ලිමේන්තුවේ මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට පමණක් ප්‍රතිචාර දක්වා පාර්ලිමේන්තුවට ගිය බවත් පවසයි.

Connet With Us