තව පොඩ්ඩෙන් දයාසිරිටත් ගුටි පුජාවක්

Published in Gossip
Sunday, 26 June 2016 22:04

අද දින කුරුණගල පඩුවස්නුවර විහාරස්ථානයක බෝධි ප්‍රාකාරයක් විවෘත කිරීමේ උත්සවයකට ගිය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට හූ සංග්‍රහයක් භුක්ති විඳිමේ අවස්ථාව ලැබි තිබේ.

කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් වී ඇත. උත්සවට දයාසිරි ජයසේකර පැමිණෙන විටම ‍රැස්ව සිටි ජනතාවගෙන් මෙම හූ සංග්‍රහය ලැබුණු අතර මහින්ද රාජපක්ෂ මැදිහත් වී ඒ වලක්වා ඇත.

උත්සවය අවසන් වී ආපසු යෑමට පිටත් වීමේදී රාජපක්ෂ පාක්ෂිකයෙකු . ‘ඔහෙට කොන්දක් නැද්දයි' ඇමැතිවරයාගෙන් විමසීමෙදී දන්නා යැයි කියන වුෂූ පහරක් දෙකක් ගසා වැඩ පෙන්වීමට ඇමැතිවරයා පියවර ගත් නමුදු කොල්ලො කුරුට්ටන් රැසක් ඇමැතිවරයාට ගු‍ටි පූජාවකින් සංග්‍රහ කිරීමට ඔහුව වට කර ගැනීම නිසා පසුබා ගොස් ඇත. මෙ පසුගියදා රංජන් රාමනායකට සිදුවූ අලකංචියේ අනෙක් එකය.

කෙසේ නමුත් තමන් මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයට සහභාගී වන බව ඇමැතිවරයා ජනාධිපතිවරයාට දැනුම් දීමක් සිදු කර නොමැත.

Last modified on Sunday, 26 June 2016 22:10

Leave a comment

ld add copy

Latest News

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන්...

Connet With Us