ගුවන් විදුලි සභාපති, ඇයට මෙච්චර සලකන්නේ ඇයි ?

Published in Gossip
Monday, 13 June 2016 18:22

ලංකාවේ එකම රාජ්‍ය පුවත්පත් නියෝජිත ආයතනය වන ලංකාපුවත් ආයතනයට ලැබී ඇති වාර්ෂික විදෙස් සමුළුවක ආරාධනයට ආයතන ප්‍රධානියා වන නන්ද මුරුත්තෙට්ටුව, ගුවන් විදුලි සංස්ථාවේ මුදලින් ලංකාපුවත් ආයතනයේ විධායක නිලධාරිනියක ද කැටුව සතියක නිවාඩුවකට රුසියාවේ ගොස් ඇති බව ලංකා පුවත් ආයතනයේ සේවකයන් පවසයි. ඇයට මේ සඳහා ආරාධනාවක් ලැබී නැත.

ස්වධින පුවත් ආයතනයක් ලෙස ආරම්බ කළ මෙම ලංකාපුවත් ආයතනය මහින්ද රාජපක්ෂ යුගයේදී රාජපක්ෂවරුන්ගේ මඩ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් යොදාගෙන විනාශ කළ අතර එකල්හී මෙහි ප්‍රධානියා වූ මහින්ද ඉලේපෙරුමගේ වුවමනාවන් සපුරාලූයේ මෙම තැනැත්තියය. පසුගිය වසරේ ජනවාරි 08 වන දින සිදු වූ බල පෙරළියෙන් පසුවද තව මාස තුනකින් මහින්ද රාජපක්ෂ බලයට එන්නේ යැයි කියමින් තව දුරටත් රාජපක්ෂවරුන්ගේ වුවමනාව අනුව මෙම ආයතනය මෙහෙය වීය. කෙසේ නමුත් මේවන විට රාජපක්ෂ වරුන් හොම්බ බිම ඇණ ගෙන සිටින බව පසක් වීම නිසා මැය වත්මන් ප්‍රධානින්ගේ සිත් සතන් සතු‍ටුවන ලෙස කටයුතු කර තමන්ගේ ආධිප්තය මෙම ආයතනය තුල පැතිරවීමට සමත්ව ඇත.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපුලේකම් වන චරිත හේරත්ගේ ලිපිකාරිණිය ලෙස සේවය කළ ඇය මාධ්‍ය ලේකම්ගේ බලවත් ඉල්ලීම මත ලංකාපුවත් ආයතනයේ නුපුහුණු සේවිකාවක ලෙස බදවා ගත් අතර එකල සභාපති ලෙස කටයුතු කල මහින්ද ඉල්ලේපෙරුම හට සමීප වීමෙන් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂකවරියක් ලෙස කිසිදු සුදුසුකමක් නොමැතිවම උසස්වීමක් ලැබීය.

එකල මුදල් වංචා රැසක් ආයතනයේ සිදු වී ඇති නමුත් ආයතනයේ විගණනයට මේවන තෙක්ම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
මැය විසින් ආදායම් මාර්ග සියල්ල බිද වැටීමට සලස්වා ආයතනය පාඩු ලබන බව රජයට ඒත්තු ගන්වමින් ලංකාපුවත් ආයතනය වසා දැමීමට කටයුතු කළේය.

මෙම කාන්තාව යහපාලන ආණ්ඩුව පැමිණිමෙන් පසු පත්වු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානගේ මිතුරියක් ද වේ. එම නිසාම ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිගේ නිබද ආරක්ෂාව ලැබු මැය සේවක විරෝධය හමුවේද ආයතනයේම තවමත් රැදි සිටියි.

ලලිත් ද සිල්වා නම් හිටපු මුද්‍රණාල සභාපතිවරයාද මෙම ලංකාපුවත් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර මොහු විසින් පවත්වා ගෙන ගිය බාල අංශයේ වෙබ් අඩවිය ඉවත් කොට නව වෙබ් අඩවියක් මාස කිහිපයක් ද දක්නට ලැබුණද එයද මේ වන විට අක්‍රියව පවතින බවක් දක්නට ලැබේ. පසුව පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද මිතුරෙකු යැයි ඔහු විසින්ම පවසන නිතීඥ නන්ද මුරුත්තෙට්ටුව ලංකාපුවත් ආයතනයට සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය. ඔහු ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) ආයතනයේද සභාපති ලෙස කටයුතු කරයි.

ඔහුද මේවන විට මැයගේ හැට හතර මායම් වලට රැවටී ඇති බව හොදින්ම දක්නට ලැබේ. ඒ අතර නන්ද මුරුත්තෙට්ටුවගේ හිතසතුටු කිරීම වෙනුවෙන් පරිපාලන නිලධාරියනියකව සිටි මැයට විධායක තනතුරක්ද හිමිවිය.

එසේම ඇයට ලැබුණු උපන් දින තෑග්ග ලෙස ලංකා නිව්ස් කාස්ට් (LNC) 2016 වසරේ දිග හැරුණේ ලංකාපුවත් ආයතනයේ සියළු සම්පත් භාවිතා කරමින්ය.

නන්දගේ අනුදැනුම පරිදි ඔහුගේ සහචරයින්ද කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව ලංකාපුවත් සහ LNC ආයතනයට අනුයුක්ත කර ගැනීමට කටයුතු කර ඇති අතර ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ලංකාපුවත් ආයතනය තුළම මෙම පෞද්ගලික ආයතනය පවත්වා ගෙන යයි.

මේ පිළිබදව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති හොදින්ම දන්නා කරුණකි. එසේම රාජ්‍ය ආයතනයක නිලධාරියෙක් විදෙස්ගතවන විට තම ඉහළ නිලධාරියාට ඒ පිළිබඳ වාර්තා කළ යුතු අතර ඉහළ නිලධාරීන්ද විදෙස් ගතවන විට අමාත්‍යාංශයද දැනුවත් කළ යුතුය. එහෙත් කිසිදු දැනුම්දීමකින් තොරව නන්ද මුරුත්තෙට්ටුව විසින් ලංකාපුවත් ආයතනයට ලැබී ඇති වාර්ෂික විදෙස් සමුළුව සඳහා යැයි කියමින් මැය සමඟින් පසුගිය (05) දින විදෙස් ගත වී ඇත.

 

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us