බැඳුම්කර සිද්ධියේ විමර්ශන නිසා කෝප් තුනට කැඩේ

Published in පුවත්
Wednesday, 29 June 2016 07:31

භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහි චෝදනා විභාග කිරීමේ ක්‍රමවේදය මුල්කර ගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) කණ්‌ඩායම් තුනකට බෙදී ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තුළ හටගෙන ඇති මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ වන විට කණ්‌ඩායම් දෙකක්‌ මත දෙකක සිටින අතර තවත් කණ්‌ඩායමක්‌ මධ්‍යස්‌ථ පිළිවෙතක සිටින බව එම කමිටු සාමාජිකයෙක්‌ කීය.

මෙම තත්ත්වය හමුවේ කෝප් කමිටුවේ කටයුතු ද ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක්‌ මතුවී ඇතැයි එම සාමාජිකයා පැවසීය.

මෙම කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනකුගෙන් සමන්විත වන අතර එහි සභාපති ධුරය ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් දරනු ලබයි. ආණ්‌ඩු පක්‍ෂයෙන් මන්ත්‍රීවරු 12 ක්‌, ජවිපෙන්, දෙමළ ජාතික සන්ධානය සහ මහින්දවාදී විපක්‍ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 10 දෙනෙක්‌ හා ශ්‍රීලනිප ඇමැතිවරු 04 දෙනෙක්‌ කමිටුව නියෝජනය කරති.

අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සිද්ධිය සම්බන්ධව ශ්‍රීලනිප සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු අවසන් නිගමනයකට එළැඹ නොමැති අතර ඔවුන් මධ්‍යස්‌ථ පිළිවෙතක්‌ අනුගමනය කරන බව ද ඉහත සාමාජික මන්ත්‍රීවරයා කීය.

ඒ අනුව ආණ්‌ඩුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් එක්‌ පාර්ශ්වයක්‌ ද ජවිපෙ සහ මහින්දවාදී විපක්‍ෂය විරුද්ධ මතධාරී පාර්ශ්වයක්‌ ලෙස ද ක්‍රියා කරන බැවින් මෙම අර්බුදය ඇති වී තිබෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා අද (29 වැනිදා) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) කැඳවා ඇත.


- දිවයින ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us