ජනපතිගේ විධායක බලේ කිලී අතේ. විගණකාධිපතිත් රූකඩ නළුවෙක් ලු

Published in පුවත්
Monday, 27 June 2016 17:59

ජනාධිපතිවරයා විසින් ගත යුතු තීන්දු තීරණ දැන් ගන්නේ සිරස මුදලාලි කිලී මහරාජා විසින් බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. පසුගිය වසරේ ජනවාරි 08 වන දින නව ජනාධිපතිවරයාගේ පත් වීමත් සමඟ ඔහුව මෙහෙයවීමේ බලය කිලි මහරාජා විසින් අත් පත් කර ගත් බව අප විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නෙමු.

හැංගි හැංගි වෙස්මුණු බැඳගෙන නටපු කිලී මේවන විට එළිපිට ඩෙගා නටන්නට පටන් ගෙන තිබේ. මේ වන විට කිලී නටන තොවිලයේ ලොකු පාර්ට් එකක් විගණකාධිපතිවරයා විසින්ද රඟමින් තිබේ.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් කිලී මහරාජාගේ මෙහෙයුම කුමක්ද යන්න ගැන අප විසින් මිට පෙර අනාවරණය කළෙමු. අපගේ හෙළිදරව්ව මහ බැංකු අධිපතිවරයාව ‍රැකගැනීම සඳහා වන අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජෙක්ට් එකක් අනුව කරන මෙහෙයුමක් බව විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැනි බංකොලොත් ළිංමැඩියන්ගේ පක්ෂ සාමාජිකයන් චෝදනාවට ලක් කළද මේවන විට ඒ සත්‍යක් බව ඇස් පනා පිටම කිලීගේ සිරස විසින් පෙන්වා දී ඇත.

මේ අතර කරළියට එන විගණකාධිපාතිවරයාද කිලීගේ රූකඩයක් බව කැත නැතිව පැවසීමේ හැකියාව තිබේ. ඒ විගණකාධිපතිවරයාගේ ඉතිහාසය හා එකල කියුම් කෙරුම් විමසීමෙන් පැහැදිලි කර ගත හැක.

මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් අර්ජුන් මහෙන්ද්‍රන් නීත්‍යානුකූල නොවන දෙයක් හෝ වංචාවක් සිදු කර ඇති කවර ආකාරයකින්වත් ඔප්පු කර ගැනීමට නොහැකිව සිටින රනිල් විරෝධීන් එය ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති සභාපතිත්වය දරන කෝප් කමි‍ටුවෙන් විසදනු ඇති බවට බලාපොරොත්තු විය. ජවිපෙ ඩබල් ගේම් දේශපාලනය අනුව ජවිපෙට ඒ කෝච්චියට බෙල්ල තැබීම සිදු කළ නොහැක. මන්ද රනිලාගේ මලික්ලාගේ උදව් උපකාර නැතුවා සේම කිලි මහරාජාගේද උදව් උපකාර නොමැතිව ජවිපෙට පක්ෂය හෝ නඩත්තු කිරීමේ හැකියාවක් හෝ නැත. ඒ අනුව බෝලය විගණකාධිපතිට දැම්මේය. විගණකාධිපතිති යනු කවරෙක්ද යන්න ජවිපෙ නොදන්නවා නොවේ. ඒ නිසා කිලීට අවශ්‍ය උත්තරය විගණකාධිපතිවරයාට ලබා දිය හැකි බව ජවිපේ නායකත්වය හොඳින්ම දන්නේය.

මේ විගණකාධිපති යනු මීට පෙර කිසි දිනෙක විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ අයකු නොවේ. ඔහු මෙතෙන්ට බැස්සේ පැරිෂුට් එකකිනි. ඒ පැරිෂුට් එක දුන්නේ කිලී මහරාජාය. විගණකාධිපතිවරයා ලෙස එම තනතුරට සුදුසුකම් ඇති අයෙකු මීට වසරක පමණ කාලයක් තිස්සෙ එම තනතුරේ වැඩ බැලුවේය. ඔහු එම දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිළධාරියෙකි. විගණන පනත සැකසීමටද දායක් වූවෙකි.

ජනාධිපතිවරයාගේ විධායක බලය කිලි මහරාජා විසින් මෙහෙයවන බව අප මීට පෙර පැවසූවේ හේතු කාරනා ‍රැසක් සහිතවය. මේ විගණකාධිපතිවරයාගේ පත් කිරීමද එවැන්නකි. මෙම පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේද අනුමැතිය යටතේ සිදු වූ නමුත් මොහු කවුද කෙරුවේ මොනවද යන්න ගැන ඒ සභාවේ කිසිවකුට හෝ රහසක් නම් ඒ කිසිවකුත් එම තනතුරු දැරීමට සුදුසු වුන් නොවේ. කිලීගේ කෙමනක් වුවත් ජනාධිපතිවරයා හා අර්බුදයකට නොයා සම්මුතික ආණ්ඩුවේ නාමයෙන් අගමැතිවරයාටද මේ ඉවසන්නට සිදු විය. එසේම මොහු ජනාධිපතිවරයාගේ ගමේ මිනිහෙකි.

කෙසේ නමුත් මේ විගනකාධිපති ගාමිණී විජේසිංහ මෙතැනට උඩින් පාත් වූයේ දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ ද නිළධාරියකුව සේවය කිරීමෙන් අනතුරුවය. කිලී මහරාජා ට අයත් කැපිටල් මහරාජා ආයතනේ ව්‍යාපාරයන් ගැන එහි ඇත්ත ආදායම් වියදම් ගැන ගාමිණි විජෙසිංහ හොඳාකාරව දන්නා බව අපි දනිමු. විශේෂයෙන්ම එස් ලෝන් ජල නල වලින් ලැබෙන ඇත්ත ලාබය ගැන ඔහු හොඳින් දනී. මහරාජා රනිල් වික්‍රමසිංහ සමඟ උරන වීමටද ප්‍රධාන හේතුවක් වූයේද මේ එස් ලෝන් කතාවකි. ඒ 2002 දී අගමැති තනතුර හෙබවු කාලයේදි රජයේ සියලු ව්‍යාපෘති සඳහා තමන්ගේ එස් ලෝන් ජන නල බාවිතා කරන ලෙස කළ ඉල්ලීම අගමැතිවරයා නොසලකා හැර රජයේ ටෙන්ඩර් වලට ඉල්ලුම් කර ඒ ලබා ගන්න ලෙස දැන්වීමය. එදා පටන් කිලී, රනිල්ට එලව එලවා පහර දෙයි. ඒ කවුරුත් දන්නා සත්‍ය කතාවකි.

කිලී මහරාජාට ගාමිනි විජෙසිංහ නැමැති දේශීය ආදායම් නිලධාරියාව හඳුන්වා දෙන්නේ මහරාජා සමූහයේ ප්‍රධාන අධ්‍යක්ෂක වන ශෙවාන් ඩැනියෙල්ය. ඔහු , ගාමිණි විජෙසිංහගෙ සමීපතම ඥාති පුත්‍රයකු හා එකට පාසල් ගිය අඹ යාහළුවන්ය. මේවන විට කට්ටියම සෙට් වී සිටී. ඊයේ පෙරේදා ඇසුණු රටේ ණය ප්‍රශ්නය එන්නේද ඒ අනුව මිස වංචාවක් වැරද්දක් නිසා නොවේ. මෙවා සියුම්ව සැලසුම් කළ කුමන්ත්‍රණයන්ය. කිලී මහරාජාට රනිල් වික්‍රමසිංහව එලවා ගැනිමේ වුවමනාව මත සමස්ථ රටක්ම බිල්ලට ගනිමින් මේ සෙල්ලම කරමින් සිටී. කිලීගේ මේ සෙල්ලම කිසිවකුත් නොදන්නවා නොවේ. එහෙත් ඔහුගේ සිරසට ඇති බිය නිසා කිසිවකුත් කිලීට එරෙහි වන්නේ නැත. රනිල් හැරුණු කොට කිලීට අභියෝග කරන්නේ මංගල සමරවීර පමණය. විගණකාධිපතිවරයා රඟපාන බව මුදල් ඇමැති රවී කරුණානායක ද පසුගියදා පාර්ලිමේන්තුවේදි පවසා තිබිණි. ඒ මේ සත්‍යය දන්නා නිසාද විය හැකිය.

අවාසනාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ සෙල්ලමේ ගොදුරකි. ඔහු මේ කිසිත් නොදැන කිලී මහරාජා හා ඔහුගේ ගෝල බාලයන් වන ශිරාල් ලක්තිලක වැන්න වුන්ගේ ලනු කමින් සිටී. අද එජාපයට රිංගවා සිටින මරිකාර්, බුද්ධික , සජිත් වැනි කිලීගේ ගොලයන් එජාපය තුල සිටම එම නායකයාට එරෙහි ප්‍රහාරයන් දියත් කර ඇත. ඒ අතරට හර්ෂ දි සිල්වා වැන්න වුන් පවා කිලීගේ ඇම ගිල මේවන විට උණුවන වතුර හැලියේ නටමින් සිටී. කිලිගේ වුවමනාව මත ඔහු අගමැතිවරයාගේ මහ බැංකු අධිපතිධුරය තමන් වෙත ලබා දෙන ලෙසද ඉල්ලීමක් සිදු කර ඇති බව ද දැන ගන්නට තිබේ. ඒ සිදුවුන අහොත් අර්ජුන් දූෂිතයෙක් බවත් අර්ජුන්ව ගෙනාවේ රනිල් බවත් කිලීට තහවුරු කළ හැකි බැවිනි. කිලීගේ රූකඩයක් වෙමින් සිටින හර්ෂද ඒ තහවුරු කරනු ඇත.

සිවිල් සමාජ ව්‍යාපාර යැයි කියන ඩෝලර් කුට්ටි වලට කෑදර කමේ දඟලන දූෂන විරෝධී තක්කඩියන් රැසක් ද මේ වන විට කිලි විසිකරන ක‍ටු සූප්පු කරමින් සිටීම කිලී මහරාගේ දේශපාලන සුරාන්තයට හේතු වී තිබේ.

සැබැඳි පුවත්: අර්ජුන්ට එරෙහි ව්‍යාපාරයත් කිලී මහරාජාගේ වැඩක්. 

Last modified on Monday, 27 June 2016 18:03

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us