අර්ජුන්ට එරෙහි ව්‍යාපාරයත් කිලී මහරාජාගේ වැඩක්.

Published in පුවත්
Saturday, 18 June 2016 17:47

මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාව එම තනතුරින් ඉවත් කළ යුතු බවට සිදු කෙරෙන ව්‍යාපාරය සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු කිලී මහරාජා විසින් සූක්ෂමව සැලසුම් කළ රනිල් විරෝධී කුමන්ත්‍රණයක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් එල්ල කෙරෙන චෝදනා පරීක්ෂණයක් මඟින් ඔප්පු කිරීමක් මේ දක්වා සිදුව නොමැති නමුත් ඔහුව එම තනතුරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පොළඹවාලීම මේවන විට දැඩිව සිදු වෙමින් තිබේ. එම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉල්ලීමක් වෙනුවට ඔහුව ඉවත් කිරීම පමණක් කේන්ද්‍ර කරගෙන මෙම විරෝධතාවය ක්‍රියාත්මක වන්නේ ඇයිද යන්න විමසිය යුතුව තිබෙන්නෙකි.

එමෙන්ම මෙම විරෝධතාවය සම්බන්ධයෙන් පෙනී සිටින පුද්ගාලයන් ගෙන් වැඩි පිරිසක් පැහැදිලිවම කිලී මහරාජා හා ගනුදෙනු පවත්වමින් සිටින පිරිසයි. අර්ජුන්ට එරෙහිව විශාල මෙහෙයුමක් දියත් කර ඇති ජනාධිපති සම්බන්ධීකරන ලේකම් ශිරාල් ලක්තිලක මහතා මෙන්ම ඔහුගේ දූෂණ විරෝධී ව්‍යාපාරට සම්බන්ධ වී සිටින තවත් කිහිප දෙනෙකුම මහරාජාගේ අනුග්‍රහය ලැබුවන් වේ. ලක්තිලක මහතා එජාපයේ සිටියදී රනිල් විරෝධී ව්‍යාපාරයට නායකත්වය දුන්නේ මහාරාජාගේ වුවමනාව අනුව සජිත් ප්‍රේමදාසට එජාප නායකත්වය ලබා දීමටය. මේ වන විටත් එම කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙල ක්‍රියාත්මකව පවතී. හිටපු එජාප ලේකම් තිස්ස අත්තනායක මහතාට තනතුරු හැරදා රාජපක්ෂට තුරුලු වෙන්න සිදුවුයේද මේ මහරාජලාගේ කුමන්ත්‍රණ වලට හසුවීමෙ ප්‍රතිපලයක් ලෙසය

එමෙන්ම මේවන විට එජාපය තුල සිටින මැති ඇමැතිවරු කණ්ඩායමක්ද කිලී මහරාජාගේ ගෙවීම ලැයිස්තුවේ සිටින අතර මහ බැංකු අධිපතිවරයා ඉවත් කර යහපාලන ආණ්ඩුව ‍රැක ගත යුතු බවට පක්ෂය තුල මත පළ කරමින් සිටින්නේ ද මෙම පිරිසය.

කිලී මහරජාට අවශ්‍යව ඇත්තේ අර්ජුන්ට එරෙහි වීම නොවේ. අර්ජුන්ව දූෂිතයකු කිරීමෙන් ඔහුව මහබැංකු අධිපතිධුරය ලබා දුන් රනිල් වික්‍රමසිංහට චෝදනා කොට ඔවුවත් දූෂිතයකු කර අපහාසයට ලක් කර එජාපය තුල ඔහුගේ බලය කඩා බිඳ දැමිමය.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වයද කිලී මහරාජාගේ වුවමනා එපාකම් මත කටයුතු කරමින් සිටින බව මීට බොහෝ කලක සිටි පවතින ප්‍රසිද්ධ රහසකි. මේ අනුව අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඇති චෝදනා සත්‍යක් වූවත් නැතත් ඔහුට අකුලගෙන යෑමට තිබෙන ඉඩ ඉඩ ඉතා වැඩිය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us