රණතුංග පවුල එපා ! වරාය උපවාසයට තවත් වෘත්තීය සමිති එක්වෙයි.

Published in පුවත්
Sunday, 19 June 2016 12:09

වරාය වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්ට එරෙහිව වරාය පාලනාධිකාරිය ගෙන යන මර්දනකාරි ක්‍රියා පිලිවෙත වහාම අකුලා ගන්නා ලෙස ඉල්ලමින් මීට දින දෙකකට පෙර ඇ‍රැඹි අඛණ්ඩ උපවාසයට අද දින තවත් වෘත්තීය සමිති ක්‍රියකාරිකයන්ගේ සහය ලැබී තිබේ. වරාය අංක තුන ගේට්‍ටුව අසල ආරම්බ කළ අඛණ්ඩ උපවාසය සදහා වෘත්තීය සමිත් නියෝජිතයන් තිදෙනෙකු ආරම්බයේදි එක්ව සිටියහ . අද දින තවත් වෘත්තීය සමිතියක නියොජිතයෙක් ඊට එක්වී ඇත.

වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම් හා ශ්‍රීලංකා නිදහස් සේවක සමිතියේ සභාපති කරු ප්‍රසන්න කළුතරගේ මහතාගෙන් අප කළ විමසීමෙදී පැවසූවේ. වරාය රණතුංග පවුලේ පාලනයෙන් බේරාගැනීම හා සේවකයන්ගේ ‍රැකියා ආරක්ෂාකර ගැනීම සඳහා මෙයට පෙර ආරම්බ කළ ඉල්ලීම් 5ක් මුල් කර ගත් අරගලයට අගමැතිවරයා මැදිහත්ව ලබා දුන් විසඳුම් හෝ මෙතෙක් ක්‍රියාත්මක කිරීමට වරායා පාලන අධිකාරිය අසමත්ව ඇති බවය.

පසුගියදා වරායේ සම්පත් භාවිතා කරමින් රණතුංග පවුලේ සමීපතයන් වෙනුවෙන් ගෘහ භාණ්ඩ නිපදවන අයුරු වෘත්තීය සමිති නායකයන් විසින් මාධ්‍ය ට නිරාවරණය කරනු ලැබීය. මෙයින් උරණ වූ රණතුංග පවුල එම ගෘහභාණ්ඩ එකකයේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරනු ලැබීය. අනතුරුව වෘත්තීය සමිත් ඒ වෙනුවෙන් සටන් කර නැවත එම සේවකයන් දෙදෙනා සෙවයෙහි පිහි‍ටු වීමට සමත් විය. ඉන් අනතුරුව වෘත්තීය සමිති නායකයන් වෙත අභුත චෝදනා නගා ඔවුන් දඩයම් කිරීමේ සැලසුමක් දියත් විය.

වරාය උපවාසය ඇරබෙන්නෙ ඒ අනුවය. කෙසේ නමුත් රටේ දේශපාලන අධිකාරිය මේ රණතුංග පවුලේ මර්දනකාරී හා දූෂිත වරාය පාලනය ඉවත් නොකළ හොත් ඉදිරි සතියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් වෙත එළඹිමට වරායේ සියලුම වෘත්තිය සමිති මේවන විට එකගතාවය ලබා දී තිබෙන බවද දැනගැනීමට ඇත.

මේ අතර වරායේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටින්නේ වරාය වෘත්තීය සමිති නායකයන්ට හා ඔවුන්ගේ ක්‍රියාමාර්ග වලට එරෙහිව රණතුංග පවුල කටයුතු කරන්නේ ඒ හරහා වරායේ කටයුතු අඩපණ කොට , මේවන විට වරාය පෞද්ගලික කරණය කිරීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩ නගා ගැනීමට බවය. මෙවන විටත් වරාය නැගෙනහිර පර්යන්තය ජොන් කීල්ස් සමාගමට ලබා දීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බව හෙලිව තිබේ.

කෙසේ නමුත් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ කිසිවකුට හෝ වරාය පෞද්ගලික කරන කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බවය. ජාතියේ හදවත බඳු මේ ආයතය ‍රැක ගැනීම තමන්ගේ ඒකායන බලාපොරොත්තුව බවත් ඒ විනාශ කිරීම සඳහා රණතුංග පවුල ගන්නා උත්සාහයද නියත වශයෙන්ම පරාජය කරන බවටත් ඔවුන් සහතික වෙයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us