ගමගේ, මාර්ග සංවර්ධනයෙනුත් පවුල සංවර්ධනය කරයි

Published in පුවත්
Tuesday, 21 June 2016 09:33

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා රුපියල් බිලියන 3.6 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති දෙකක් අයතා ලෙස ලබා ගෙන ඇති බව වාර්තාවේ.

මෙයට පෙර ඔහුට අයත්ව තිබූ සමාගමක හිමිකාරිත්වය ඔහුගේ පවුලේ සමීපතම ඥාතියකුගේ නමට හරවා මෙම කොන්ත්‍රාත් දෙක ලබා ගෙන ඇත.

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති දෙක, රුපියල් බිලියන 1.81 හා වන කිලෝමීටර් 89 ක වයාපෘතියක් හා රුපියල් බිලියන 1.817 ක කිලෝමීටර් 94 ක වශයෙන් වේ. මේ සම්බන්ධයෙන් මූලික හෙළි දරව් කිරීමමක් පසුගිය ඉරිදා සන්ඩේටයිම්ස් පුවත්පත විසින් පළ කර තිබිණි. නමුත් ඇමැතිවරයාගේ නම එහි සඳහන් වූයේ නැත. අප විසින් කළ සොයා බැලීමේදී ඒ දයා ගමගේ බව හෙළි විය.

කෙසේ නමුත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඔහුගේ මස්සිනා වන නිහාල් සූරියාරච්චි මහතා විසින් දැරීමද මේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් මෙම සමාගම වෙත ලැබීම කෙරෙහි බලපා තිබේ. ඔහුගේ බිරිඳ වන අනොමා ගමගේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරිය වන අතර දයා ගමගේ මහතා ගේ ඇමැති සම්බන්ධීකරණ ලේකම් වරයා ලෙස කටයුතු කරන්නේ ඔහුගේ පුත්‍රයාය.

කෙසේ නමුත් රාජපක්ෂ යුගයේ එක් පවුලක් විසින් රට හූරගෙන කෑමට එරෙහි වූ වත්මන් ආණ්ඩු බලය හොබවන්නන් පවුල් කිහිපයකට රට හූරගෙන කෑමේ ක්‍රමය ස්ථාපිත කර දී තිබේ. රණතුංග පවුල, සේනාරත්න පවුල ඒ අතරින් ප්‍රමුඛය.

Last modified on Tuesday, 21 June 2016 09:38

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us