හොරෙක් බේරන්න ගිය රංජන්ට, නීතිපතිට, පොලීස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසී

Published in පුවත්
Tuesday, 28 June 2016 14:40

රුපියල් ලක්ෂ සියයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව අදාල සැකකරුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ පොලිස් පරික්ෂකවරයාගේ වැඩ තහනම් කිරීම එම නිළධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදුන් පෙත්සම විභාග කිරීමට අද දින(28) එම විනිසුරු මඬුල්ල තීන්දු කළේය.

ඒ අනුව ඇමැති රංජන් රාමනායක, සැකකරු සරත් දිසානායක, ව්‍යාපාරික රොහාන් ලොකුමුදලි, නීතිපති ජයන්ත ජයසූරිය, පොලිස්පති පුජිත ජයසුන්දර, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්ද මුණසිංහ, නියොජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට , මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී නියොජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර, , විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානි පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා, කොළම අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් එදිරිසිංහ, ඇතුළු 25 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස අද දින නොතීසි නිකුත් කරනු ලැබුවේය. 

මෙහිදි පෙත්සම් කරු වූ පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා වෙනුවෙන් නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපාත්ව සිටි අතර , නීති පති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා මෙම පෙත්සමට පිලිතුරු බැඳිම සඳහා ලබන නොවැම්බර් මස දක්වා කාලය ඉල්ලා සිටි නමුත් විනිසුරු මඬුල්ල මේ ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්නයක් බවත් එතරම් කාලයක් නිතිපතිට ලබා දිය නොහැකි බවත් සඳහන් කරමින් මෙම නඩුව ලබන මස 25 වන දිනට කැඳවනු ලැබීය.

සරත් දිසානායක නම් මෙම සැකකරු රොහාන් ලොකුමුදලි නම් ව්‍යාපාරිකයකුගේ රියැදුරා ලෙස සේවය කරමින් සිටියදි පසුගිය අප්‍රේල් මාසයේදී මෙම සොරකම සිදු කර තිබේ. ඒ සම්බන්ධයෙන් කො‍ටුව පොලීසියට ලොකුමුදලි මහතා විසින් පැමිණිලි කළ නමුත් එල්ල වූ දේශපාලන බලපෑම මත සැක කරුව අත් අඩංගුවට ගැනීමට කො‍ටුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිට නොහැකි විය. ඒවන විට සැකකරු සැඟව සිටියේ රංජන් රාමනායකගේ නිවසේය. පසුව එම සැකකරුව අත් අඩංගුවට ගැනීමේ වගකීම නියොජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා කොළම අපරාධ කොට්ඨාෂය වෙත පැවැරීය . එම තත්වය මත සැකකරු වෙනත් ස්ථාන ‍රැසක සැඟවීමට කටයුතු කර තිබූ අතර අවසානයේ මාසයක පමණ කාලයකට පසුව ඔහුව පිලියන්දල ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගන්නා ලදී.

අත් ඩංගුවට ගැනීමේන් පැය කිහිපයකට පසුව රංජන් රාමනායක ඔහුව නිදහස් කළ උතු බවට පොලිස් පරීක්ෂකවරයාට බලපෑම් කර තිබිණි. ඔහු ඊට එකඟ නොවුනත් පොලීසියේ ඉහළ නිළධාරියකු මැදිහත් වී පොලිස් ඇප මත සැක කරුව නිදහස් කරනු ලැබීය. පසුව පොලිස් පරීක්ෂක වරයාගේ වැඩ තහනම් කිරීමටත් ඔහුගේ සහයකයා වූ පොලිස් සැරයන් තිබ්බ‍ටුවාව පුත්තලම ප්‍රදේශයට මාරු කර යැවීමත් සහ ගාමිණී මතුරට මහතාව ඔහුගේ වගකීම වලින් ඉවත් කොට නිශ්ක්‍රීය කිරීමද සිදු කළේය. මේ පැහැදිලිවම දේශපාලනික ඇඟිලි ගැසීමක් මත සිදු වූවකි. එමෙන්ම මේ දූෂණ විරෝධීන්ගේ ඩොලර් කෑදරකමේ ව්‍යාපෘතියක් බවද මේවන විට පැහැදිලිය.

කෙසේ නමුත් මෙම රියැදුරාවෙනුවෙන් පෙනී සිටින පිරිස් පවසන්නේ මොහු කෝටි 1240 ක මහා මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රධානම රජයේ සාක්කි කරුවකු බවය. ඔහුව නීති විරෝධි ලෙස අත් අඩංගුවට ගෙන ඇති බවත් එය මෙම මුදල් වංචාවට හවුල් යැයි කියන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමීණී සෙනරත් විසින් පොලීසියට කප්පම් ලබා දී බොරු චෝදනාවක් මත ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවත් මෙම පිරිසේ තර්කය වී තිබේ.

ව්‍යාපාරික ලොකු මුදලි හා සෙනරත් මිත්‍රයින් වන අතර සෙනරත් විසින් ලබා දුන් චෙක්පත් කිහිපයක් මාරු කිරීම හා ජනාධිපති මන්දිරයේ පුද්ගලයකු හට ඒ ගෙන ගොස් දීමද මෙම රියැදුරු විසින් සිදු කර තිබේ.

එවකට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විවිධ ව්‍යාපාරිකයන් විසින් ලබා දුන් ලක්ෂ 10 සිට 50 දක්වාවූ චෙක් පත් මෙලෙස මාරු කර ඇතත් ඒ සියල්ලේ වටිනාකම ලක්ෂ 1200 ක් පමණ වෙයි. ඒ ' කෝටි 1240' යැයි පැවසීමද මුලුමනින්ම බොරුවකි. එමෙන්ම දූෂණ විරෝධීන් පවසන මේ අපරාධය කුමක්ද යන්න ද මෙතෙක් පැහැදිලි නැත.

කෙසේ නමුත් මේ දූෂණ විරෝධීන් විසින් මෙම සැකකාර රියැදුරා රජයේ සාක්කි කරුවකු කිරීම බරපතල සැකයට තුඩු දෙන්නක් වන අතර ඔහු සාක්ෂි කරුවකු කිරීමට නම් ඒ සම්බන්ධයෙන් නඩුවක් පැවැතිය යුතු නමුත් එවැන්නක් ද නොමැත. එමෙන්ම මොහු මේ සිදුවීම සම්බන්ධයෙන් මෙයට පෙර පොලිසියට සාක්ෂි දීමෙන් පසුවත් සේවය කළේ ලොකුමුදලි සමඟය. එමෙන්ම මේ වන විට ලැබෙන ආරංචි මාර්ග අනුව මොහු විටින් විට පොලීසියට මේ සිදු වීම සම්බන්ධයෙන් ලබා දි ඇති සාක්ෂි එකිනෙකට පරස්පර බවද දැන ගන්නට තිබේ. මේ නිසා ඊනියා දූෂණ විරෝධීන්ද මේවන විට අලි අමාරුවක වැටී ඇතැයි දැන ගන්නට තිබේ.

මේ ලක්ෂ සියය සොරාකම් කළ රියැදුරා ද මේ දූෂණ විරෝධීන් සමඟ ගොස් තමාව අත් අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් බාර දුන් බව වාර්තා වූද එයට සිදු වූයේ කුමක්ද යන්න ගැන දැන ගන්නට නැත.

ඒ කෙසේ නමුත් මෙරට දුෂණ විරෝධින් යැයි පෙනී සිටින මානව හිමිකම් ක්‍රියාදරයන් මේ සැකකරු ලක්ෂ සියයක් හොරකම් කිරීම සාධාරණිය කිරීමට සමත්ව තිබෙන අතර එය මේ වත්මන් යහපාලනයේ මැජික් එකක්. මෙහි මූලිකයා ජනාධිපති සම්බන්ධීකරන ලේකම්, දික්කසාද කටයුතු සම්බන්ධ විශේෂඥ නීතිඥයකු වන ශිරාල් ලක්තිලකය. එමෙන්ම මේ ලක්ෂ සියයේ සොරකම සම්බන්ධ පොලිස් පරීක්ෂණ ද මේවන විට නැවැතී ඇත.

Last modified on Tuesday, 28 June 2016 14:51

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us