News Items (18842)
කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති වසන්ත රංජිත් ජයසුන්දර එම පාසලේ ගුරුවරයෙකුට පහරදීම සඳහා සිසුන් මෙහෙයවීම සම්බන්ධව අද (11) බොරැල්ල පොලිසියේ අත්අඩංගුවට පත්වුවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ බලපෑම මත නිදහස් කර යවා ඇතැයි වාර්තා වෙයි.
ගාල්ල, නෙළුව, දෙල්වල, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරයට එම ගම්වාසීන් කැමැති බවට ව්‍යාජ තොරතුරු සහිත වාර්තාවක් ජනාධිපතිවරයාට යොමු කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුමක් ගැන තොරතුරු හෙළිවේ.
'ආදරණිය කතාවක්' වාරණය කරන්න ගිය, තිලංගලාගේ 'පත්තිනි' රෙදි ගලවා ගනී
මේ දිනවල තිරගත වන ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයට එරෙහිව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සිදුකළ පැමිණිල්ල පිටුපස සිටින්නේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඇතුලු එම පවුලේ සාමාජිකයන්ගේ සුමති චිත්‍රපට සමාගම බවට මේ වන විට සියළු තොරතුරු හෙළිදරව් වී ඇත.
යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක කටයුතු තවත් මාස නවයකින් ආරම්භ කෙරෙන බව සඳහන් අද (10) දිවයින පුවත්පතේ මුල් පුවත මෙරට ජාතික සංහිදියාවක් ඇතිවීම වැළක්වීම අරමුණු කර ගනිමින් ඊශ්‍රාලයීය සම්බන්ධතා ඇති (සියෝන්) පෞද්ගලික බුද්ධි අංශයක උපදෙස් මත සකස්කර පලකරනු ලැබුවක් බව විශ්වාස වන්ත ආරංචි මාර්ග වාර්තා කරයි.
විදේශ ගුවන් නියමුවන්, නාවික කපිතාන්වරු ලංකාවේ වැඩට බය වෙයි
මෙරට ගුවන් සේවාවන් වල රැකියා කරන ප්‍රධාන ගුවන් නියමුවන් හා නෞවුකාවල සේවය කරන නාවික කපිතාන් වරු සම්බන්ධයෙන් බල පවත්වන නීතිය කුමක්දැයි මේවන විට ජාත්‍යන්තර වශයෙන් කතා බහට ලක්වෙමින් තිබේ.
ඉස්ලාම් දහම ප්‍රතිසංස්කරණය කිරීම පටන් ගත යුත්තේ කොතැනින්ද? - අමීර් අලී
ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලුත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන් සහ මහම්මද්තුමාගේ සම්ප්‍රදායයන්ගෙන් සපයා ගැනෙන ඇතැම් ප්‍රතිපදා, නූතනත්වය සහ අදාළ සමාජ පරිවර්තනයන් සමග නොගැළපෙන හැම විටකම මුස්ලිම් විද්වතුන් සහ ක්‍රියාධරයන් කවදත් ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් හඬ නගා තිබේ.
රාජපක්ෂ සහෝදරයින්ගේ බලපොරය හේතුවෙන් එම පාර්ශවයේ ඇතිවූ බෙදීම ඡායා කැබිනෙට්ටුව එළිදැක්වීමත් සමඟ තවදුරටත් හෙළිදරව් වෙමින් ඇත.
ජනාධිපති සම්බන්ධීකරන ලේකම්, දික්කසාද නඩු පිළිබඳ විශේෂඥ, නීතිඥ ශිරාල් ලක්තිලක විසින් සිදුකළ තවත් පච වැඩක් අගමැති රනිල් වික්‍රමසිංහ අනාවරණය කරගෙන ඇතැයි වර්තාවේ. එනම් ස්වාධීන රූපවාහිනියේ නිවේදකයකු ලෙස කටයුතු කරන මහේෂ් සේනානායකගේ වැඩ තහනම් කිරීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර ඇත්තේ ශිරාල් ලක්තිලක විසින් බවය. එමෙන්ම මෙම කුමන්ත්‍රණය සඳහා ලක්හඬ ගුවන් විදුලිය බංකොලොත් කළ ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායකවද හවුල් කර ගෙන තිබේ. ධනුෂ්ක රාමනායකව මේ සඳහා යොදාගෙන ඇත්තේ ඇමැති පාඨලී චම්පික ගේ උපදෙස් අනුව බවත් හෙළිව තිබේ.
මහින්ද හීනෙන් හදන ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු 50 දැනටම නම් කරලා
ඉදිරිමහ මැතිවරණයට වෙනම පක්ෂයක් ලෙස ඉදිරිපත්වී ඉදිරිපත් වී ජයග්‍රහණය කර හදන්න සිහින දකින ආණ්ඩුවේ අගමැතිධුරය, සම්බුද්ධ සාසන, ආගමික කටයුතු සහ රාජ්‍ය ආරක්ෂක යන ධුරයන් මහින්ද රාජපක්ෂ තමන් සන්තකයේ තබා ගැනීමටත් අනෙක් ඇමැතිධුරයන් 50 ට පුද්ගලයන් නම් කිරීමත් මේවන විට සිදු කර තිබේ.
