රාජ්‍ය නාට්‍ය සම්මාන බෙදලා තියෙන්නේ ඒ වෙලාවේ මූණ බලලා. දුන්නෙ කාටද කියලා අනු මණ්ඩලය දන්නෙ නෑ.

Published in පුවත්
Thursday, 07 July 2016 10:29

පසුගියදා(02) පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ලාභීන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ලබා දෙන ලෙස ඊයේ(06) සවස නාට්‍ය අනුමණ්ඩලයෙන් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය වූයේ එහෙම ලේඛනයක් නොමැති බවය.

නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති කේබී හේරත් මහතාගෙන් මේ ගැන විමසීමේදී ඔහු පවසා සිටියේ තමන් සතුව එවැන්නක් නොමැති බවත් එය කලා මණ්ඩලයෙන් ලබා ගන්නා ලෙසය. පසුව කලා මණ්ඩලයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතාගෙන් විමසු විට පැවසූවේ ‘ඊයේ (06) රාත්‍රියේදි එම ලේඛනය සැකසූ නමුත් අද නිවාඩු දිනයක් බැවින් ඒ ලබා දිය නොහැකි‘ බවය.


කෙසේ නමුත් මෙම සම්මාන උළෙලෙදී සම්ම්මාන ලබා දුන්නේ කවුරු විසින් කවර නිර්දේශයක් අනුවද යන්න ගැන මේවන විට බරපතල ගැටලුවක්ව මතුවේ. සම්මන උළෙලක්දී තමන් සම්මාන දෙන්නේ කාටද යන්න එම සම්මාන උළෙලට පෙර අවසන් විනිශ්චයේදී සකස් කළ යුතුව තිබේ. එහෙත් මේ සම්මාන බෙදිල්ල, එම උළෙල අවස්ථාවේදී හිතෙන හිතෙන අයට සම්මාන බෙදිල්ලක් බව ඉතා පැහැදිලිය. මේ චන්ද්‍රගුප්ත තෙනුවරලා අවුරුදු ගානක් වලිකා හදා ගත්තු යහපාලන සිස්ටම් එකද විය හැකිය. ඒ අපි දන්නෙ නැත. ඒ අනුව තමන් සම්මාන දුන්නේ කාටද යන්න ගැනවත් නොදන්නා නාට්‍ය අනුමණ්ඩලයක් කලා මණ්ඩලය සංවිධානය කළ මෙවර සම්මාන උළෙලට නාටය වේදීන් දැක්වු විරෝධයද මේ අනුව අතිශය සාධාරණ බව පැවසිය හැකිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us