මහේන්ද්‍රනුයි කුමාරස්වාමීයි ඉගෙන ගත්තෙ රොනීගෙන්ලු

Published in පුවත්
Thursday, 07 July 2016 17:41

වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හා හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය හා ආර්ථික් ක්ෂේත්‍රවලට අත් පොත් තැබුවේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ යුගයේ මෙරට දීර්ග කාලයක් මුදල් ඇමැතිධුරය හෙබවූ රොනීද මැල් මහතාගේ ගුරුහරුම්කම් මත බව හෙළිවේ. මේ තිදෙනාම ධනෙශ්වර ආර්ථික මොඩලයක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් වන අතර මෙහිදී කුමාරස්වාමී මහතා ඒ වෙනුවෙන් වූ පර්යේශකයෙක් මෙන්ම ඔහුගේ විශේෂඥ දැනුම ලොව පුරා බෙදා හරින්නකුද වේ.

එසේම කුමාරස්වාමී ගේ පියා හා අගමැති රනිල් වික්‍රමසිංහගේ පියා පාසල් මිතුරන්ද වේ. කෙසේ නමුත් කුමාරස්වාමී ගේ නම ජනාධිපතිවරයා වෙතින් යෝජනා වූයේ හිටපු ජනාධිපතිනියගේ යොජනාවක් අනුව බවත් දැන ගැනීමට ඇත. මහ බැංකු අධිපතිධුරය සම්බන්ධයෙන් වූ අර්බුදයේදී බණ්ඩාරනාක මහත්මිය ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් පසුව කුමාරස්වාමී මහතාගේ පත් වීම ගැන එකඟතාවයකට එළඹ තිබිණි. මහ බැංකු අධිපතිවරයා දුෂිතයකු කර රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා කුමන්ත්‍රණයක් යෙදුනු සිරස අධිපති කිලී මහරාජා යටතේ සේවය කරන ඉහළ නිලධාරියාකු වන වී කුමාරස්වාමී වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ සමීප ඥාතියකුද වේ. මේ නිසා කුමාරස්වාමිගේ පත් වීමට සියලු පාර්ශ්ව වල කැමැත්ත හිමි වීමේ රහස මෙයය. ඉදිරියේදී මහ බැංකු වේ කවර වංචාවක් මහ දවාලේ සිදු වූවද ඊට මහරාජා විසිකරන ක‍ටු කෑ ඊනියා දුෂණ විරෝධීන් නම් කිසිවිටෙක එරෙහි නොවනද ඇත.

මේ අතර අද උදේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයගේ කාර්යාලයේදී එජාපයේ මැති ඇමැතිවරුන් සමග මෙම නව පත් වීම ගැන අගමැතිවරයා සමඟ වූ කතා බහේදී අර්ජුන් මහෙන්ද්‍රන් මෙන්ම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙදෙනාම යාපනයේ වලිකාමන් වල වෙල්ලාල නම් ඉහළ කුලයේ නියෝජිතයන් බවත් එදා ප්‍රබාකරන් සටන් කළේ මෙම කුලයේ පිරිස්වලට එරෙහිව බවත් පවසා ඇත. අද ඔවුන්ට එරෙහි වන්නේ කොළඹ ප්‍රබාකරන්ලා බවත් ඔහු පෙන්වා දී ඇත.

මෙම සාක්ච්ඡාවේදී විගනකාධිපතිවරයා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව සැක සහිත බව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පෙන්වා දී තිබේ. විගනකාධිපතිවරයා ඉතා හදිස්සියෙන් මෙම වර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ කිසිවකුගේ හෝ බලපෑමට විය හැකි බව ද ඔහු පවසා තිබේ . එමෙන්ම මෙම වාර්තාව ආරම්බයේදීම ඔහු තමන්ට මුල්‍ය හා ආර්ථික කරුණු ගැන දැනුවත් භාවයක් නොමැති බවත් ඒ වෙනුවෙන් විශෙෂඥ උපදෙස් ලබා නොගත්ත බවත් ඔහු සටහන් කර තිබීම මත මෙම වාර්තාව පිලිගැනිම කළ නොහැකි බව පෙන්වා දී තිබේ.

මේ අතර විගනාධිපතිවරයාගේ වාර්තාව පිලිගත නොහැකි බවට විගනකාධිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් අතර මත ගැ‍ටුමක්ද මේවන විට හට ගෙන ඇති බවද මෙම සාකච්ඡාවේදී අදහස් පල වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us