මෛත්‍රීගේ යහපාලනයත් ITN මහේෂ්ගේ වැඩ තහනම් කරයි

Published in පුවත්
Wednesday, 06 July 2016 12:19

2015 ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව රාජපක්ෂ රෙජීමය සකස් කළ මඩ පෝස්ටර් තොගය නීතිය අතට පත්කළ වරදට සේවය අහිමි කරගත් ස්වාධීන රුපවාහිනි සේවයේ මාධ්‍යවේදී මහේෂ් සේනානායකට යහපාලන ආණ්ඩුවද කෙළවා දමා ඇත. ඒ වසර 14 කට අධික කාලයක් ස්වාධීන රුපවාහිනී සේවයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ මහේෂ් සේනානායකගේ වැඩ තහනම් කරමින්ය.

මේ පිළිබඳ අප කළ විමසුමකදී මහේෂ් සේනානායක මාධ්‍යවේදියා සඳහන් කර සිටියේ එම නාලිකාවේ ප්‍රධානියෙකු දුරකතනයෙන් කතා කොට වැඩ තහනම් කළ බවත් එනිසා යලිත් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව දැනුම්දුන් බවය.

මෙසේ මහේෂ් සේනානායක මාධ්‍යවේදියාගේ වැඩ තහනම් කිරීමේ හේතුව ලෙස ලෙස බලධාරීන් දැනුම්දී තිබෙන්නේ පසුගිය සඳුදා උදෑසන වැඩසටහනේදී නව මහ බැංකු අධිපතිවරයාගේ නම වැරදියට සඳහන් කිරීමය.

නමුත් මහේෂ් මහතා සඳහන් කර සිටින්නේ තමා අතින් නව මහ බැංකු අධිපතිවරයාගේ නම වැරදියට සඳහන් වූ නමුත් පසුව තමන් එය නිවැරදි කළ බවය.

කෙසේ හෝ වේවා අප වත වාර්තා වන අන්දමට නම් මහේෂ් සේනානායක මාධ්‍යවේදියාගේ වැඩ තහනම් කිරීම වෙනුවෙන් මුලික වැඩ කටයුතු සිදුවුයේ කලක පටන්ය. ඒ පසුගිය පාලන සමයේ පමණක් නොව වත්මන් යහපාලන සමයේද ITN රුපවාහිනියේ සිදුවූ අකටයුතුකම් වලට එරෙහිව මහේෂ් ප්‍රසිද්ධියේ පෙනී සිටීමය. විශේෂයෙන්ම අවස්ථා ගණනකදී ඔහු යහපාලන ප්‍රතිපත්ති බලධාරීන් අමු අමුවේ කඩද්දී ඔහු ඊට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත.

එසේම පසුගිය සමයේ කිලී මහරාජාගේ නඩය විසින් මහ බැංකු බැඳුම්කර සිදුවීම පාදක කරගෙන ආණ්ඩුව දුර්වල කරන්නට කටයුතු කරන විට ඒ ගැන කෙලින් රටට කියන්නට කොන්ද පණ තිබූ මාධ්‍ය වේදීන් රජයේ මාධ්‍ය ජාල තුළ සිටියේම නැති තරම්ය. සැවොම පාහේ මහරාජා ඇතුළු ඔහුගේ කටු සුප්පු කරන ඊනියා දුෂණ විරෝධී නඩයේ මඩ සහ සන්තෝසම් ඉදිරියේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන් සිටියා මිස කළ වෙනත් කජ්ජක් නැත. අවම වශයෙන් කිලී, රනිල්ට එරෙහිව එල්ල කළ ප්‍රහාරයේදී රනිල්ව රකින්න තබා සිදුවීම්වල ඇත්ත නැත්ත ගැන රට හමුවේ කියන්නට දිරියක් ඔවුන්ට තිබුණේ නැත. කොටින්ම ආණ්ඩුවේ මාධ්‍ය නඩයම අකුලාගෙන සිටියා මිස කළ වැඩක් තිබුණේම නැත. එහිදී ඇත්ත ඇති සැටියෙන් රටට කියන්නට කොන්ද පණ තිබු මාධ්‍ය වේදීන් අතර කැපී පෙනුන භූමිකාවක් මහේෂ් සිය මාධ්‍ය භාවිතය තුළ ඔප්පු කර සිටියේය.

මහේෂ් කෙලවා ගත්තේද මේ තුළය. ඔහු සිතා සිටියේ යහපාලනය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනයක් කියාය. ආණ්ඩු වෙනස වුවත් රාජපක්ෂගේ ඉඳුල් කෑ නිලධාරීන් ආයතන පද්ධති තුළ රෑ ඩැනියෙල් දවල් මිගෙල් චරිත රඟපාමින් සිටින බව ඔහු නොදුටුවා විය යුතුය. ඒ සියල්ල දැන සිටියත් තමන් ද දිවි නොතකා කළ කැපකිරීම් මත ගොඩනැගු ආණ්ඩුව තුළ සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම වරදක් ලෙස මහේෂ් නොදැක්කා වන්නට පුළුවන.

ඒ අනුව නම් වරද ඇත්තේ යහපාලන උදවියගේ නොව මහේෂ්ගේය. අප එසේ කියන්නෙ හේතු ඇතුවය.

තවමත් රාජපක්ෂ හොල්මන් නිදහසේ මේ ආණ්ඩුවේ සිටියි. වගකිව යුතු තනතුරු බොහොමයක් ඔවුන් සතුය. ඉක්මනින් රාජපක්ෂ බලය ගනීවි යැයි සිතන සහ උදේ හවා ඒ වෙනුවෙන් යදින ඔවුන් කරමින් සිටින්නේ තමන් මාර යහපාලන උදවිය බව පෙනී සිටිමින් මේ ආණ්ඩුවට කෙළවීම වෙනුවෙන් සියළු නුල් සුත්තර ඇදීමය. අගමැති රනිල් මේවා දැන ගන්නේ එහෙ මෙහෙ යන අය කනට කර කියන කතා වලින්ය. ජනාධිපති මෛත්‍රී මේවා දැක ගන්නේ පත්තරෙන්ය. ඉතින් යහපාලනය හදන්න මෙන්ම එය රැකගන්න කටයුතු කරන අයට කෙළවෙන බව මේ උදවියට දැනගන්න ලැබෙන්නේ නැත. එනිසා මහේෂ් පමණක් නොව හෙට දිනයේ යහපාලනය රකින්න යන, එය නිවැරදි මග ගෙනියන්න වැඩකරන අයට සිදුවන්නේ දත කට පුට්ටු වෙන ලෙස කෙලවා ගන්නටය.

Last modified on Wednesday, 06 July 2016 12:26

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us