නව රේගු පනත හදන්න රේගු හොරුන්ගේ නීතිඥයකුත් හවුල් වෙලා. Featured

Published in පුවත්
Wednesday, 06 July 2016 11:48

ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් නව පනත කෙටුම්පත් කිරීම සඳහා පත්කළ සාමාජිකයින් අතර රේගු වංචාකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකුද සිටින බව වාර්තා වේ. නමින් අශෝක සෝමරත්න වන ඔහු පනත් කෙටුම්පත සකසන සමයේදීත් ශ්‍රී ලංකා රේගුවට එදිරිව රේගු වංචාකරුවන් වෙනුවෙන් පෙනී සිට ඇත.

එහිදී ඔහු තමන් නව කෙටුම්පත සකසන කාර්යයේ නියැලෙන බැවින් සිදුවන රේගු විමර්ශන කල් දමා ගැනීම වෙනුවෙන් ලිපිද රේගුව වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු මේ වන විටත් විභාග වෙමින් පවතින රේගු විමර්ශනයක චුදිත පාර්ශවය වන Perfecttive Mille pvt Ltd වෙනුවෙන් පෙනී සිටියි. මීට අමතරව අශෝක සෝමරත්න ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ආසනයේ හිටපු ආසන සංවිධායක වරයාද වෙයි.

කිසියම් නීතිඥවරයෙකු වෙත සේවා ලාභියෙකු පැමිණි විට ඔහු වංචාවකට, මිනී මැරුමකට, මංකොල්ලයකට හෝ ස්ත්‍රී දුෂණයකට චෝදනා ලැබුවෙකුද නැද්ද යනුවෙන් සොයා බලා සිය සේවය සැපයිය යුතු යැයි අප සිතන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකා රේගු පනත වැනි මෙරට රාජ්‍යට අදාළ අති සංවේදී කාරණයකදී චෝදනා ලැබූ පාර්ශ්වය වෙනුවෙන් දිගින් දිගටම සේවා සපයන නීතිඥවරයෙකු යොදා ගැනීම ගැටළු සහගතය.

ඒ අනුව පවතින රේගු ආඥා පනත පැරණි බව පවසා ඇමති රවී කරුණානායක අලුත් කරන්නට අලුත් කරන්නට යන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන්න යන ක්‍රමයට බව පැහැදිලිය.

ඒ බව තවත් තහවුරු කරගන්නට නව රේගු පනත කෙටුම්පත් කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා පත්කළ ඉහත ත්‍රී පුද්ගල කමිටුවේ තවත් අයෙකුගේ පැටිකිරිය විමසා බැලීම ප්‍රමාණවත්ය. ඒ එහි නම් සඳහන් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. වීරසේකරය. දැනගන්නට ඇති ලෙස මෙතුමාද ඓතිහාසික ජනරාල් වරයෙක්ය. ඒ රේගු ඉතිහාසයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සිටින සමයේ වැඩ තහනමකට ලක්ව ගෙදර යැවුණු එකම ජනරාල් ලෙස වාර්තා පොතට ඇතුලත්ව ඇති නිසාය.

හිත අමනාප විය හැකි බැවින් ඇමති රවී ගේ ත්‍රී පුද්ගල කමිටුවේ අවසන් සාමාජිකයා ගැනද සඳහන් කල යුතුව ඇත. නමින් ඔහු ටී. කනනතලිංගම් ය. ඔහුද මීට වසර 20 කටත් පෙර විශ්‍රාම ගිය අයෙකුය.

මෙලෙස යහපාලන මුලධර්ම අමු අමුවේ ගණිකාසේවයේ යොදවන ආකාරයට අදාළ කෙටුම්පත සැකසීම සඳහා මුදල් වියදම් කලේ රවී ඇමතිගේ ගෙදර සල්ලි වලින් නම් ඒද ගැටළුවක් නැත. ගැටලුව වන්නේ මේ වෙනුවෙන් මුදල් අමාත්‍යංශය ලක්ෂ 90 කට ආසන්න මුදලක් වියදම් කර ඇති බව වාර්තා වී තිබීමය. මේ ගැන පසුගියදා ජවිපෙ නායක අනුර දිසානායකද විමසා තිබිණ.

මේ තුං හවුල සමඟ ඇමති රවී ගේන්න ගිය මාර රේගු පනතේ කෙටුම්පත මේ වන විට අපටද ලැබී ඇත. ඊට අනුව නම් මේ ගෙනෙන්නට යන්නේ රේගුව මුළු මනින්ම බිඳ දමා ජාවාරම් කරුවන්නට සිත්සේ සිය ජාවාරම්කරගෙන යන්නට ඉඩදෙන පනතක් ය. ඊට නිදර්ශන ඕනෑ තරම්ය. කෙටියෙන්ම පවසනවා නම් රේගුව සම්බන්ධ රටේ ඇති මුලික අදහසම මෙම නව කෙටුම්පත හමුවේ අභියෝගයට ලක්වෙයි. නැතිනම් මේ රේගුවේ ඵලදායීත්වය නංවන්න හෝ එය වත්මන් අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස නවීකරණය කර ශක්තිමත් කරන්නට ගෙන ආ පනත් කෙටුම්පතක් නොවේය. ඒ වෙනුවට මේ රේගු බදු ගෙවීම් ඇතුළුව රේගු ආඥා පණත උල්ලංඝණය කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙනෙන ලද පනත් කෙටුම්පතක්ය. රේගු බදු හොරුන්ගේ දණ්ඩන අවම කර ඔවුන් මත යෙදෙන රේගු නිලධාරීන්ගේ ශක්තිය දුර්වල කර දමා ඇති පනත් කෙටුම්පතක්ය.

දැනටත් කෙටුම්පත් කර ඇති යෝජිත රේගු පනතට අනුව කිසිවෙක් තමන්සතු බඩු භාණ්ඩ වල නිශ්චිත විස්තරයක් රේගුව වෙත ලබා දිය යුතු නැත. ඒ වෙනුවට ඔහුට රේගු පරීක්ෂණ සිදුවන විට තමන් සඳහන් නොකළ දෙයක් රේගු නිලධාරියාට හසුවීමට පෙර ක්ෂණිකව සඳහන් කිරීම හරහා දඬුවමින් ගැලවෙන්නට අවස්ථාව සලසා දී ඇත. එසේම වර්තමානයේ ඕනෑම රේගු නිලධාරියෙකුට සැකසහිත පුද්ගලයෙක් හෝ ස්ථානයක් පරීක්ෂා කිරීමට හැකිවුවත් යෝජිත නව කෙටුම්පතට අනුව එසේ සිදුකල නොහැක. එපමණක් නොව මෙතෙක් රේගු නිලධාරින් සිදුකල මෙහෙයුම් කටයුතු මුළුමනින්ම අඩාල කිරීමට අදාළ තවත් බොහෝ කාරනා මෙහි අඩංගුය. ඒ අතර මෙහෙයුම් කටයුතු වෙනුවෙන් බලතල සීමා කිරීම, නීතිය ක්‍රියාවේ යෙදවීම සඳහා මෙතෙක් රේගු නිලධාරියාට තිබු අවස්ථාව අහුරා දැමීම ප්‍රධානය. වඩාත් මාරාන්තික යෝජනාවක් වන්නේ රේගු වරදක් වෙනුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා රේගු නිලධාරියා සතුවූ බලතල ඉවත් කර ඒ සඳහා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ වරයෙකුගේ අවසරය ගැනීමට නියම කර තිබීමය. එසේම රේගු වැටලීමකදී එයින් රේගු වංචා සිදුකරන්නාට හැකි උපරිමයෙන් නිදහස ලබා දීමට සහ සහන සපයන යෝජනා මෙහි තවත් ඇත.

එසේම මෙහි ජේෂ්ට රේගු නිලධාරී සහ නිසි රේගු නිලධාරී ලෙස තනතුරු නම් කර ඇතත් ඒ ඒ තනතුරු වල බලතල හෝ සීමා පැහැදිළිව දක්වා නැත. ඉන්දියානු සහ නවසීලන්ත රේගු ආඥ පනත් වල වගන්ති මුළුමනින්ම ගලවා ගෙනවිත් මීට ඇතුල් කර තිබෙන බවක් පෙනෙන්නට ඇති අතර මෙතෙක් දේශපාලන ඇඟිලි ගැසීම් වලින් අවම තැනක තිබු රේගු ව වෙත ඒ බැල්මද වැටෙන ආකාරයට නව කෙටුම්පත සකස්කර ඇත. ඒ යෝජිත කෙටුම්පත හරහා නම් කර ඇති නව තනතුරු 3ක් හරහාය. එහිදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්ධුර 3ක් ස්ථාපිත කරන්නට නියම කර තිබෙන අතර ඒවා අභියාචන, ගැටුම් නිරාකරණය සහ මහජන පැමිණිලි, විගණන ලෙස නම් කර ඇත. එහි තිබෙන ගැටුම් නිරාකරණ සහ මහජන පැමිණිලි සම්බන්ධ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් පත්කරන්නේ රාජ්‍යසේවා කොමිසමෙන් වන අතර ඔහුට ඇති බලතල සහ නෛතික නිදහස ජනාධිපතිවරයාටවත් තිබේදැයි සැකසහිතය.

ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් නව පනතක් තබා කෙටුම්පතක්වත් සකස් කර නොමැති බවට පසුගියදා රාජ්‍ය මුදල් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම වගකීම් විරහිත ප්‍රකාශයක් සිදුකල බව මේ අනුව තහවුරුවී හමාරය. සැබවින්ම රාජ්‍ය මුදල් ඇමති පමණක් නොව ආණ්ඩුවේ ලොකු පුටුද මේ ගැන දන්නවාද සැක සහිතය. රේගු නව පනත් කෙටුම්පත මුදල් අමාත්‍යංශ ලේකම් කියන ලෙස නම් කැබිනට් තීරණයක් මත සකස් කරන ලද්දක්ය. එයින් පැහැදිළි වන්නේ මේ ආණ්ඩුවේ දැන් දැන් කටයුතු සිදුවන්නේ බල්ලා කරනදේ නැට්ට නොදන්න නැට්ට කරන දේ බල්ලා නොදන්න සිස්ටම් එකට බවය. කෙසේ වුවත් මේ නව රේගු කෙටුම්පත ගැන නම් අපට කියන්නට තිබෙන්නේ වලිගේ කරන දේ නොදැන සිටියත් වලිගෙට අනුව වැනෙන්න ගියොත් නැසීම ආසන්න බවය.

එනිසා ආණ්ඩුවේ ලොකු පුටු මේ ගැන අවධානය කඩිනමින් යොමුකළ යුතුව ඇත. තවත් මේ ගැන බොහෝ විස්තර අප සතු වන අතර යතා කාලයේ තථා අයුරින් ඒ ගැන අප හෙලිකරන්නෙමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us