ලසන්ත ඝාතනයට සම්බන්ධ මේ දෙදෙනා ඔබ හඳුනනවාද?

Published in පුවත්
Monday, 04 July 2016 17:43

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව කෙරෙන විමර්ශනවලදී අනාවරණ වූ සාක්ෂි අනුව අපරාධකරුවන් බවට සැකකරුනු ලබන තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූප පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පීන් විසින් සාක්ෂිකරුවන් පවසන ආකාරයට මෙම ඡායාරූප නිර්මාණය කර ඇත.

ඒ අනුව මෙහි දැක්වෙන ඡායාරූපවල දැක්වෙන ආකාරයේ පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඔබ දන්නේ නම් දුරකථන අංක 071 859 1753 හෝ 071 859 1770 වෙත හෝ ෆැක්ස් අංක 011 244 0158 හෝ 011 238 0380 වෙත දන්වන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පලමු ඡායාරූපයේ ඇති තැනැත්තා වයස 35ක් පමන උස අඩි 5.08 පමණ වන ඇස් දුඹුරු පැහැ සුදු පැහැති පිරිපුන් ශරීරයක් සහිත අයැකි. දෙවන රූපයේ උඩු ‍රැව්ලක් සහිත  දැක්වෙන තැනත්තා  වයස අවෞරුදු 45ක් පමණැති උස අඩි 5.10 ක පමණ වන මහත සිරුරකින් යුතු කළු පැහැ අයෙකි.

කෙසේ වෙතත් මෙම ඝාතනය යුධ හමුදා බුද්ධි අංශ සාමාජික්යන් විසින් සිදු කර තිබෙන බව මේවන විට අනාවරණය කරගෙන ඇති අතර ඒ සඳහා වෙන වෙනම කණ්ඩායම් කිහිපයක්ම යොදවා සිටි බවත් හෙළිව තිබේ. හමුදා බුද්ධි අංශයේ මේජර් අන්සාර් නැමැත්තෙකු මේ සියල්ල මෙහෙයවු බවද පැවැසෙන නමුත් මෙම ඝාතනය සිදු කිරීමට නියොග කළේ කවර බලවතකුද යන්න මෙතෙක් අනාවරණය වී නැත. මෙම සතිය තුලදිද මෙම ඝාතනයට සම්බන්ධ සුවිශේෂී සාක්ෂිකරුවකු අත් අඩංගුවට ගැනිමක් සිදුවන බව පොලිස් ආරංචි මාර්ග පවසන් අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් තිබෙන බවත් දැන ගැනීමට තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us