තවත් පච වැඩක් මාට්‍ටු, මහේෂ්ට වළ කපා ඇත්තේ ශිරාල්

Published in පුවත්
Thursday, 07 July 2016 22:34

ජනාධිපති සම්බන්ධීකරන ලේකම්, දික්කසාද නඩු පිළිබඳ විශේෂඥ, නීතිඥ ශිරාල් ලක්තිලක විසින් සිදුකළ තවත් පච වැඩක් අගමැති රනිල් වික්‍රමසිංහ අනාවරණය කරගෙන ඇතැයි වර්තාවේ. එනම් ස්වාධීන රූපවාහිනියේ නිවේදකයකු ලෙස කටයුතු කරන මහේෂ් සේනානායකගේ වැඩ තහනම් කිරීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර ඇත්තේ ශිරාල් ලක්තිලක විසින් බවය. එමෙන්ම මෙම කුමන්ත්‍රණය සඳහා ලක්හඬ ගුවන් විදුලිය බංකොලොත් කළ ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායකවද හවුල් කර ගෙන තිබේ. ධනුෂ්ක රාමනායකව මේ සඳහා යොදාගෙන ඇත්තේ ඇමැති පාඨලී චම්පික ගේ උපදෙස් අනුව බවත් හෙළිව තිබේ.

මහෙෂ් සෙනානායක මහතාගේ වැඩතහනම් කළ බවට ජනමාධ්‍ය අමාත්‍යංශයෙ ලේකම්වරයා මඟින් ලබා ගත් ලිපියක් ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ විපුල රත්නසිරි මහතාට යොමුකර එමගින් මහෙෂ්ගේ වැඩ තහනම් කර ඇති බව දැනුම් දී තිබුනි. ස්වාධීන රුපවාහිනියේ සභාපතිවරයාවත් නොදැන මෙම වැඩ තහනම් කිරීම සිදුව තිබේ.

මෙම වැඩ තහනම් කිරීමට හේතුව, වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ නාමය ආනන්ද කුමාරස්වාමී ලෙස අතපසුවීමකින් කියැවීම නිසා බවට චෝදනා එල්ල කළත් මහෙෂ් සේනානායක හිටපු මහ බැංකු අධිපතිගේ මාධ්‍ය කටයුතු වලට සම්බන්ධවීම නිසා ඒ ගැන වූ වෛරී සහගත භාවය පදනම් කර ගෙන ශිරාල් මේ කුප්ප කටයුත්ත සිදුකර තිබේ.

එමෙන්ම මෙම වැඩ තහනම් කිරීම වැරදි සහගත බවට පාර්ශ්ව ගනනාවකින් ආණ්ඩුවට එල්ල වූ චෝදනාව නිසා මේ ගැන විශේෂ අවධානයක් අගමැතිවරයා විසින් යොමු කර තිබිණි. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශන වාර්තාවක් අගමැතිවරයා කැඳවා තිබූ බවද දැන ගැනීමට තිබේ. මේ අනුව හෙට දින සිට සුපුරුදු පරිදි මහේෂ් සේනානායක මහතාට ස්වාධීන රූපවාහිනියේ සේවය කරන ලෙසද අගමැතිවරයා ඔහුට දන්වා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us