'ආදරණිය කතාවක්' වාරණය කරන්න ගිය, තිලංගලාගේ 'පත්තිනි' රෙදි ගලවා ගනී

Published in පුවත්
Monday, 11 July 2016 15:21

මේ දිනවල තිරගත වන ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයට එරෙහිව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සිදුකළ පැමිණිල්ල පි‍ටුපස සිටින්නේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඇතුලු එම පවුලේ සාමාජිකයන්ගේ සුමති චිත්‍රපට සමාගම බවට මේ වන විට සියළු තොරතුරු හෙළිදරව් වී ඇත.

මෙයට හේතුව වී ඇත්තේ 'පත්තිනි' නමින් එම සමාගම විසින් නිපද වූ චිත්‍රපටය ද මේ දිනවල තිරගත වීම මත ඇතිව තිබෙන තරගකාරිත්වය යැයි දැන ගන්නට තිබේ. මෙම චිත්‍රපට දෙක තිරගතවීම සිනමා මණ්ඩල දෙකක සිදුවන නමුත් සුමතිපාලලා සිය දේශපාලන බලය පාවිච්චි කරමින් 'ආදරණිය කතාවක්' තිරගත වන සී.ඊ.එල් මණ්ඩලයේ සිනමා ශාලාවලටද ඊ ඒඅපී මණ්ඩලයේ තිරගතවන පත්තිනි චිත්‍රපටය රිංගවා ප්‍රදර්ශනය කිරීමය. පසුව ඊට එරෙහිව ආදරණිය කතාවක් නිශ්පාදකයන් කටයුතු කර එම තත්වය වලක්වාගෙන තිබේ.

මේ අනුව එකට එක කිරීමක් ලෙස මේ සුමතිපාල පවුලේ වෛරය ප්‍රදර්ශනය කළේ 'ආදරණීය කතාවක්' චිත්‍රපටය මඟින් දුම්වැටි හා මධ්‍යසාර භාවිතයට පොළඹවන බවට අභූත් චෝදනාවක් නගා ඒ තහනම් කිරීමට උත්සහ කිරීමය. නමුත් 'ආදරණීය කතාවක්' හී ඇත්තේ එම භාවිතයට එරෙහිව වන ප්‍රකාශනයක් සහිත ජවනිකාවක බව ඒ නැරඹුවෙකුට තේරුම් ගත හැක.

කෙසේ නමුත් සුමතිපාල පවුල ඔතාගෙන සිටින සුදු පිරුවට අස්සෙ ඇත්තේ මේවැනි කැත තක්කඩිකම් බව දැන් හෙළිදරව් වී හමාරය. අද දින අත් අඩංගුවට ගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිව දේශපාලන බලය යොදවා නිදහස් කර ගැනීම පි‍ටුපස සිටින්නේද මේ තක්කඩියන්ම දැන ගැනීමට තිබේ.

එමෙන්ම මෙම කැත තක්කඩිකම් ගැන විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කිරීමට 'ආදරණිය කතාවක්' චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ, සම නිශ්පාදක චමින්ද ගමගේ, සහය අධ්‍යක්ෂක ඩොනල් ජයන්ත, රංගන ශිල්පීන් වන හේමාල් රණසිංහ , බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය එළඹෙන බදාදා දින මාධ්‍ය සාකච්ඡාවක්ද කැඳවා ඇත.

* චිත්‍රපට ප්‍රදර්ශනය කරන මෙරට ඇති සිනමා මණ්ඩල සංඛ්‍යාව පහකි. එනම් ඊ.ඒ.පී. මණ්ඩලය, සිනමා එන්ටර්ටේන්මන්ට් හෙවත් සී.ඊ.එල්. මණ්ඩලය (මෙම මණ්ඩලය සැකසී ඇත්තේ සිනමාස්, සිලෝන් තියටර්ස් සහ ලිබර්ටි සිනමාස් යන සිනමා සමාගම් තුන එකතුවෙනි) රිද්මා මණ්ඩලය (චිත්‍රපට සංස්ථාවට අයත්ය) මූවි ප්‍රොඩියුසර්ස් ඇන්ඩ් ඉම්පෝටර්ස් හෙවත් එම්.පී.අයි. මණ්ඩලය හා ලංකා ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස් හෙවත් එල්.එෆ්.ඩී. මණ්ඩලයයි. මෙහිදී ඊඒපී මණ්ඩලය තනිවත් සී.ඊ.එල්. හා රිද්මා මණ්ඩල ඒකාබද්ධවත්, එම්.පී.අයි. හා එල්.එෆ්.ඩී. මණ්ඩල ඒකාබද්ධවත් සිංහල චිත්‍රපට බෙදහරිනු ලබති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us