පියසේන ගමගේ ජනාධිපතිව මෝඩයාට අන්දවන හැටි

Published in පුවත්
Monday, 11 July 2016 16:24

ගාල්ල, නෙළුව, දෙල්වල, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරයට එම ගම්වාසීන් කැමැති බවට ව්‍යාජ තොරතුරු සහිත වාර්තාවක් ජනාධිපතිවරයාට යොමු කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුමක් ගැන තොරතුරු හෙළිවේ.

හෙට (12)දිනයේදී ගාල්ලෙ දිස්ත්‍රික් ලේකම්වරයා දෙල්වල නාතාරාමය විහාරයට පැමිණ එම ජල විදුලි බලාගාරය ඉදිකිරීම ගැන සාක්ච්ඡා කිරීමට හදිස්සියේ තීන්දු කර තිබේ. මෙම ‍රැස්වීම මෙයට පෙර සුදානම් කර තිබුනේ එළඹෙන සෙනසුරාදා දිනයේදී පැවැත් වීමටය. ඒ බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් පෙර දැනුම් දිමක්ද සිදු කර තිබිණි. එහෙත් එම අවස්ථාවට ගම්වාසීන් මෙන්ම පරිසරවේදීන්, ප්‍රදේශයේ දේශපාලඥයන් කිහිප දෙනෙකුද සහභාගී වීමට අපෙක්ෂාවෙන් පසුවන බව දැන ගැනීම නිසා පියසේන ගමගේ සිය දේශපාලන හයිය (ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමි‍ටුවේ සම සභාපති) පාවිච්චි කර එම රැස්වීම අත්හි‍ටුවා ඇත. ඒ අනුව හෙට දිනයේදී මෙම ‍රැස්වීම හදිස්සියේ කැඳවීම සිදු කර ඇතත් මේ දක්වා මේ බව ගම් වාසීන්ට හෝ දන්වා නැත. එහෙත් හෙට රැස්වීම සඳහා ගම්වාසීන් ලෙස සහභාගි වන්නට පියසෙන ගමගෙගේ හෙංචයියන් පිරිසක් නම් සූදානම් කොට ඇත. ඔවුන් ලවා මෙම ව්‍යාපෘතියට ගම්වාසීන්ගේ කැමැත්ත ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයාට තහවුරු කර එම වාර්තාව ජනාධිපතිට යවා ඔහුව මෝඩයාට ඇන්දවීම මෙහි සැලසුමය.

කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරෙරාගේ සල්ලිවලට වහවැටී සිටින ගාල්ලේ ජනතාව විසින් කූජිත කර එලවා දැමු මෙවැනි පජාත දේශපාලුවෙකුට දිස්ත්‍රික්කයේ සංවර්ධන කමි‍ටු සභාපතිධුරය ලබා දී ජනාධිපතිවරයා විසින් කළ තකතීරු කටයුත්තේ ප්‍රතිපලය දැන් ජනාධිපතිවරයා විසින්ම සැපට බුක්ති විඳිමින් තිබේ. එහෙත් මේ ගමගේලා වැනි තක්කඩියන් මැදිහත් වී කරමින් සිටින මේ විනාශය ගැන ජනාධිපතිවරයාත් ඇහැකන පියාගෙන පඹයකු සේ කටයුතු කිරීම මේ රටේ ජනතාව තව වැඩි කල් ඉවසනේද නැති බව කිව යුතුය.

මේ රටේ මිනිස්සු රාජපක්ෂලාව එලවා දැමුවේ ඒ ආණ්ඩුවේ හිඳිමින් කළ හැකි කුප්ප මජර වැඩ සේරම කර ජනතාවගෙන් ප්‍රතික්ෂෙපවූ ගමගේලා වැනි තක්කඩියන්ට රටේ සංවර්ධනය ගැන තීන්දු තිරණ ගන්නට ඉඩදීමට නොවේ. ජනාධිපතිවරයාට තමන්ව බලයට පත් කළේ කුමකටද යන්න ගැන රටේ ජනතාවට විටින් විට ටොකු ඇණ ඇණ මතක් කරන්න සිදුව තිබීම ජාතියේම අවාසනාවකි.

සැබැඳි පුවත්

ආඳාදොල ධම්මිකට දෙනකම් පියසේනට නින්දයන් නෑලු. සිරිසේනටත් වගේ වගක් නැතිලු 

ධම්මික පෙරේරාට පියසේන ගමගේත් යටත් වෙයි 

Last modified on Tuesday, 12 July 2016 07:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us