News Items (18842)
මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්
ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල්" පාර්ශවයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලකට තමන් යටතේ තිබෙන ලංකා පුවත් ආයතයේ පරිපාලනය නිසියාකාරව කර ගැනීමට හෝ නොහැකි තරම් දුර්වල ඇමැතිවරයකු බව මේ වන විට එම අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් පවසා සිටිති.
විමල් කියන්නෙ පට්ට හොරෙක්, අත්අඩංගුවට ගන්නැත්තේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් නිසා ද?
මේ මොහොතේ ඉතිහාසය විසින් අප ඉදිරියේ කැණෙමින් තිබෙන වළේ ගැඹුර සහ පරිමාව වහාම හඳුනා ගන්න කියා බල කරනවා නම් ඒ වෙනුවෙන් හඬ නඟනවා හැරෙන්නට කිරීමට වෙන කිසිවක් අප ඉදිරියේ ඉතිරි වී නැහැ.
බැසිල්ව වීරයෙක් කිරීම එජාපයේ වැඩක්. ඩලස්ලා විමල්ලා අවුලෙන්
මහින්ද රාජපක්ෂ යළි බලයට පත් කිරීමේ සිහිනයේ වෙලී සිටින දූෂිතයන්ගේ පාද යාත්‍රාව කොළඹට එන අගෝස්තු 01 වනදා බැසිල් රාජපක්ෂට ඇප ලබාගෙන වීරයකු ලෙස වේදිකාවට ගොඩකිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් එම කණ්ඩායමේ බහුතරයකගේ විරෝධය මහින්ද රාජපක්ෂ වෙත මේ වන විටත් දන්වා ඇතැයි වර්තාවේ. බැසිල් රාජපක්ෂව අත් අඩංගුවට ගැනීම මෙන්ම එළඹෙන අගොස්තු පළමුවෙනිදා අධිකරණයෙන් ඇප ලබා ගැනීමේ සැලසුම එක්සත් ජාතික පක්ෂයේ සහයෙන් සිදුවන කටයුත්තක් බවට මේවන විට තොරතුරු හෙළිවීම මත මේ විරෝධය එල්ල වී තිබේ.
එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිධුරය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ජාතික රගර් කණ්ඩායමට ද නායත්වය දුන් කීර්තිමත් ක්‍රීඩකයකු වූ නාලක වීරක්කොඩි මහතා තරග කිරීමට නියමිත බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
මානව හිමිකම් ප්‍රශ්නයට, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් හඳුන්වා දෙනවා - මංගල
සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන විශ්වාසය දිනා ගත හැකි අයුරින් යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්වාස කටයුතු, සත්‍ය සෙවීමේ හා වගවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ මෙහෙයුමට නායකත්වය සපයන අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලාංකික සංහිඳියා ආකෘතිය, දකුණු අප්‍රිකානු හෝ වෙනත් රටක එවන් අනුරුවක් නොවන බවය.
මෛත්‍රීගේ දින දහදාහේ සැණකෙළිය, ආඬි හත් දෙනාගේ කැඳ හැළිය වගේලු !
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියට දින 10,000 ක් පිරීම නිමිත්තෙන් එළඹෙන 26 වන දින සිට පැවැත්වීමට නියමිත උත්සව මාලාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරීන් පඹ ගාලක පැටැලි සිටින බව වාර්තාවේ.
ගමේ මිනිහාගේ ප්‍රශ්නය අධිපති මාධ්‍ය ධාරවක් තුලට ගෙන බරපතල ලෙස සාකච්ඡා කිරීම යුගයේ අහම්බයකි. වෙළඳපොළේ විකිණිය හැකි කුණු රසැති සිදුවීමක් හැර ගමේ ප්‍රශ්නය, ඒ ප්‍රශ්නයේ ගැඹුරෙන්ම අධිපති මාධ්‍ය ධාරාවට ගොචර වන්නේ නැත. සිරස ගම්මැද්ද ඒ අනුව සුවිශේෂී තැනකි.
එකම පන්තියේ අපි ගල් ගැසිය යුත්තේ කාටද?‘‘ – යාපනය සරසවියෙන් ලියුමක්
යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයයේ දෙවැනි වසර සිසුවකු සිය සගයන් ආමන්ත්‍රණය කරමින් විවෘත ලිපියක් පළ කර තිබේ. එම ලිපියේ සිංහල පරිවර්ථනය පහත දැක්වේ.
තිලංග, පෙරළුන පැත්ත හොඳයි කියයි. නාලන්දා විදුහල්පති දොට්ට දානවාලු දැන්
දූෂණ චෝදනා එල්ලවී සිටින කොළඹ නාලන්දාවේ විදුහල්පති වසන්ත රංජිත් ජයසුන්දර ඉන් ඉවත් කිරීමට මුල්වීමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල එම විදුහලේ ආදි සිසුන් පිරිසකට ඊයේ (18) ප්‍රසිද්ධියේ පොරොන්දුවක් ලබාදී ඇත.
