නාලන්දා විදුහල් පතිවරයා පොලිස් අත් අඩංගුවෙන් බේරා ගැනීම සඳහා කටයුතු කළේ තිලංග සුමතිපාල මහතාගේ බලපෑමෙන් බව අප විසින් මිට පෙර හෙළිදරව් කරනු ලබීය. (නාලන්ද විදුහල්පති හිරේ නොගිහින් බේරුනේ තිලංග නිසා !) නාලන්ද විදුහල්පතිවරයා හා තිලංග සුමතිපාල අතර සමීප ඇසුරක් ඇති බවත් ඔවුනොවුන් බොහොම හොඳින් දන්නා හඳුනන අය බවද අපි දනිමු.
කොහොම නමුත් ආදී නාලන්දියකු වන සුමතිපාල මහතා මේ පොරොන්දුව ලබාදී ඇත්තේ ආදි නාලන්දීයන් පිරිසක් විදුහල්පිතිවරයාට එරෙහි පියවර ගැනීමට කොළඹ හිල්ටන් බ්ලූ හිදී පැවැත්වූ විශේෂ රැස්වීමකදීය.එහිදී විදුහල් පතිවරයා හා සුමතිපාල මහතා අතර ඇති සම්බන්ධතා ගැන කතා බහක් ඇතිවී තිබේ.