නාමල් වෙනුවෙන් තංගල්ලේ ස්ත්‍රී දුෂක මිනිමරුවොත් පාරට බසිති !

Published in පුවත්
Sunday, 17 July 2016 12:48

රගර් ප්‍රවර්ධනයට යැයි කියමින් මිලියන 70ක් ක්‍රිෂ් සමාගමෙන් ලබාගෙන එම මුදල් තමන්ගේ සාක්කුවට දමා ගැනීමේ මුදල් වංචාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින පෙරකදොරු නාමල් රාජපක්ෂව වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් 17දා තංගල්ල නගර මධ්‍යයේ පැවැත්වු කෑකෝ ගැසිමේ නාඩගම සංවිධානය කිරීම ස්ත්‍රීදුෂණ මිනි මැරුම් චෝදනා ලැබූවන් විසින් සංවිධානය කළ කටයුතතක් බව අනාවරණය වේ.

ප්‍රසිද්ධ ස්ථානයකදී විදේශීය තරුණියක සමූහ දූෂණයට ලක් කිරීම සහ ඇයගේ පෙම්වතාට ම්ලෙච්ඡ අන්දමින් පහර දී ඝාතනය කිරීම සිද්ධිය මත මේ වන විට සිරදඬුවම් ලබා සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්පකුමාරගේ ගෝල බාලයන් විසින් මේ නාඩගම සංවිධානය කර තිබේ. සම්පත් චන්ද්‍ර පුෂ්පකුමාර එකල වැජඹුනේ මහින්ද රජපක්ෂටම දාව පුත්‍රයෙකුගේ මෙන් දේශපාලන හයිය අතට ගෙනය . එම ස්ත්‍රීදුෂණ හා මිනී මැරුම් චෝදනාවෙන් ඔහු හා ඔහුගේ ගෝල බාලයන්ව නිදහස් කර ගැනීමට රාජපක්ෂලා එකල දැඩි වෙහෙසක් ගත් නමුදු ජාත්‍යන්තර වශයෙන්ද එල්ල වූ පීඩනය අනුව සුළු සිර දඬුවමක් හෝ ලබා දී එම ප්‍රශ්නයෙන් බේරීම සඳහා කටයුතු සිදු කලේය. වාර්තාවන අන්දමට එදා එම සිදුවීම වන අවස්ථාවේදී ඊට සම්බන්ධව සිටි නමුත් නීතියෙන් බේරී සිටින කිහිප දෙනෙකුම නාමල් නිදහස් කර ගැනීමේ නාඩගමට සම්බන්ධව සිට ඇත.

නාමල් රාජපක්ෂලාව ඉදිරියටත් අවශ්‍ය වන්නේ මේ වැනි අපරාධ කරුවන්ට බව මේ දින කිහිපයේදී ඉතා පැහැදිලිව ඔප්පු කර තිබේ. නාමල්ව නිදහස් කරන්නැයි ඉල්ලා සිහි බුද්ධිය ඇති කිසිදු ශ්‍රී ලනීප පාක්ෂිකයෙකු ඉල්ලා නැත.නාමල් වෙනුවෙන් ඉදිරිපත් වූ සියලු දෙනාම වංචා දුෂණ හෝ අපරාධවලට චෝදනා ලැබූවන්ය.

namal thugs 2namal thugs 1namal thugs 3

Last modified on Sunday, 17 July 2016 21:24

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us