News Items (18842)
බර්මන් කලාශාන්ත ආරච්චිගේ විසින් රචිත ‘143 අංගොඩ’ කාව්‍ය සංග‍්‍රය එළි දැක්වීම 2016 ජනවාරි 30 දින පස්වරු 3 ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
සිය ධුර කාලය තුළ ඉවක් බවක් නොමැතිව පවුල් පිටින් රාජ්‍ය බලය අපහරණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මාධ්‍ය ඉදිරියේ වැඩි වැඩියෙන් කඳුළු සලා අනුකම්පාව දිනාගැනීමට අවස්ථාව දිගින් දිගට ම හිමිවන ලකුණු පෙනෙන්නට තිබේ.
හරක් මැරීම මෙරට නොකර, කන්නට ඔනේ නම් පිටරටින් හරක් මස් ගෙන්විත් දිය යුතු බව තමන් මුදල් ඇමැතිවරයාට පැවසූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පවසා තිබිණි. ඒ තෛපොන්ගල් දිනය වෙනුවෙන් පැවති උත්සවයකදීය. එහිදී ජනාධිපතිවරයා මේ කතාව මතක් කර තිබුණේ අය වැය වාර්තාවේදී මේ බව සඳහන් කිරීමට මුදල් ඇමැතිවරයා කටයුතු නොකිරීම නිසා වූ සිත් බිදීමක් නිසා බවද ඇතැම් මාධ්‍යයක වාර්තා වී තිබිණි. අය වැයට හරක් ප්‍රශ්නය ඈඳුනේ නැතිවීම මුදල් ඇමැතිතුමාගේ අඩු පාඩුවකි. අය වැය දේශප්‍රේමී අයවැයක් කර ගැනීමේ අවස්ථාව ඉන් ගිලිහිණි. මේ වෙලාවේ පැවැත්ම වෙනුවෙන් දේශප්‍රේමය වඩා බලවත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දශක හතරකට පමණ වන දේශපාලන අත් දැකීම් වලින් අවබෝධ කරගෙන ඇතුවාට සැක නැත. එය රටට හෙණයක් බව වෙනම කතාවකි.
ගලබොඩඅත්තේ ඥානසාර නම් කහකඩ පෙරවා ගත්තු මදාවියා පසුගියදා හෝමාගම අධිකරණයට පැන මොළේ නැති ගොන් නාම්බෙකුට නොදෙවෙනි ලෙස කට යුතු කර සිංහල බෞද්ධ වීරයකු වන්නට දැඩි උත්සාහයක් ගත්තේය.
ජනාධිපති- සරසවි -ස්වර්ණ සංඛ ඇතුළු මේ රටේ එතෙක් පැවැති සිනමා සම්මාන උළෙල සියල්ල නතර කොට තිබූ වකවානුවක 2014 වසරේදී lankalive film awards නමින් සිනමා සම්මාන උළෙලක් පවත්වමින් ලාංකේය සිනමා ශිල්පීන්ට සම්මානයේ අභිමානය ප්‍රදර්ශනය කළ lankalivestar.com වෙබ් අඩවිය ලාංකේය සාහිත්‍ය යේ ප්‍රගතිය උදෙසාද ස්වකීය මැදිහත්වීම සනිටුහන් කරමින් අලුත්ආකාරයේ සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් තමුන්ට වෙනවැඩ ඇති බැවින් තමුන් ඒවා නොබලන බවත් පසුගිය දා බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබිණි.
වෙබ් අඩවි පුවත් කියවීම හෝ නොකියවීම ඔහුගේ පෞද්ගලික කාර්යයක් වන අතර පොදුවේ වෙබ් අඩවි කෙරෙහි ඔහු එල්ලූ 'කැලෑ පත්තර' බෝඩ් ලෑල්ල පිළිබඳව වෙබ් මාධ්‍යවේදීන් වශයෙන් අපට ද පැවසීමට යමක් තිබේ.
දොළොස් වෙනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2016 ජුනි මස 03 වැනි දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට එහි සංවිධායකයින් කටයුතු සූදානම් කර තිබේ.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යපෘතියට අදාළ පාරිසරික ඇගයීමේ වාර්තාවේ අඩුපාඩු රැසක් පවතින බවත් ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය අද (25)තීරණය කර තිබේ.
ජාතික ප්‍රශ්නයට විසදුම් ලබාදිය හැකි ව්‍යවස්ථාවක් ඕනෑ - TNA
ජාතික ප්‍රශ්නයට විසදුම් ලබාදිය හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ලෙස දෙමළ ජාතික සන්ධානය වත්මන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා මේවන විට නව සාකච්ඡා වටයක් ආරම්බ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
