ජනපති ප්‍රදානය කළ කළුතර බෝධිය සන්නස් පත්‍රය හොර ලියැවිල්ලක් !

Published in පුවත්
Saturday, 16 January 2016 10:23

කළුතර බෝධි භාරකාර මණ්ඩලය තමන්ට බදු ඔප්පුවකින් පමණක් අයිතිය පවරා ගෙන ඇති කළුතර බෝධිය සහිත ඉඩමට (පූජා භූමිය) මේ වන විට  හොර ඔප්පුවක් ලියාගෙන ඇති බව තහවුරු වී තිබේ.

බෝධි භාරකාර මණ්ඩලය මෙම හොර ඔප්පුව ලියා ගැනීමෙන් නොනැවතී එය නීත්‍යනුකූල කර ගැනීමට ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමේ වුවමනාවෙන් පසුගිය ජනවාරි 08 වනදා උදෑසන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන උත්සවයක් සංවිධානය කර එහි දී මෙම හොර ඔප්පුව ජනාධිපතිතුමා ලවා භාරකාර මණ්ඩලයට පරිත්‍යාග කරවා ගත්තේය. මුළු මනින්ම ගිහි භාරකරුවන් පිරිසක් යටතේ පාලනය වන කළුතර බෝධි භාරකාර මණ්ඩලය 1951 දී ඒකපාක්ෂිකව ඉපැරැණි ගංගාතිලක විහාරයේ දේපළ කොන්දේසි නවයකින් යුත් බදු ඔප්පුවකින් ලබා ගත්තත් එහි එකම කොන්දේසියක්වත් කිසිම දාක ඉටු කර නැතැයි එම විහාරයේ උරුමය හිමි කළුතර දිසාවේ අධිකරණ සංඝ නායක මාරපන විජිත හිමියෝ  පැවසූහ.

 මේ පැරැණි බදු ඔප්පු හා අධිකාර පත‍්‍රවලින් පෙන්නුම් කෙරෙන්නේ ඉංග‍්‍රීසි ආණ්ඩුවේ කළුතර ඒජන්තගේ නිල නිවස පිහිටා තිබුණු මේ පූජා භූමිය හා බෝධි භූමිය දීර්ඝ කාලයක් තිස්සේ කෙරුණු උද්ඝෝෂණ ව්‍යාපාරයකින් පසු 1937 දී යළි සඟ සතු කර ගැනීමට හැකි වූ බවයි. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට නායකත්වය දුන් හැඩිගල්ලේ විපුලසිරි හිමියන්ට 1949 දී අධිකාර පත‍්‍රයකින් මල්වතු විහාරයේ එවකට මහනායක ධුරය දැරූ රඹුක්වැල්ලේ ශ‍්‍රී ධර්මරක්ෂිත නාහිමි විසින් මෙම භූමිය පවරා දී ඇත. 

නමුත් එකල ප‍්‍රධාන බස් රථ සමාගම් හිමියෙක් වූ සව්ත් වෙස්ටර්න් බස් සමාගම හිමි සර් සිරිල් සොයිසා මෙම භූමිය 1951 පැවති එජාප රජය උපකාරයෙන් ලියා ගත් බදු ඔප්පුවකින් කළුතර බෝධි භාරකාර මණ්ඩලයට බදු ගත්තත් එයට කිසිදු වෙනත් නීත්‍යනුකූල උරුමයක් තිබී නැත. දැනට හැඩිගල්ලේ විපුලසාර හිමියන්ගේ එකම පැවිදි ශිෂ්‍යයා වන කළුතර දකුණේ සිරි නිකේතනාරාමාධිපති මාරපන විජිත හිමියෝ මෙම හොර ඔප්පුවට විරුද්ධව සහ කළුතර බෝධි භාරකාර මණ්ඩලයට විරුද්ධව නීතිමය පියවර ගනිමින් සිටිති.

 

sathhanda.lk

 

Last modified on Saturday, 16 January 2016 10:36

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us