කහකඩ පනත වෙනුවෙන් පෙළ ගැසෙමු. සිංහල බෞද්ධයන්ට අභියෝගයක් !

Published in පුවත්
Wednesday, 13 January 2016 11:31

බුදුන් වහන්සේ දෙසු ධර්ම විනය සූත්‍ර පිටකයන් බල්ලට දමා තක්කඩි පූජක පැලැන්තියක් ලෙස බෞද්ධ ජනතාව රවටාලමින් ජීවත්වන කහකඩධාරීන්ට එරෙහිව ආණ්ඩුව ඊයේ නව නීතිරීති සමූහයක් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහය ඉල්ලීය. මේ නව නිති රීති සමූහය ථේරවාදී භික්ෂූන්ට පමණක් අදාල වන පරිදි මෙරට ත්‍රෛ නිකායික භිෂූන්ගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ වන නීති රීති පද්ධතියක් වන අතර එය බුදුන් දෙසූ විනය පිටකයට අනුකූලව සකසා ඇත. මේ නිසා කිසිදු භික්ෂුවකට මේ සඳහා එරෙහි වීමේ හැකියාවක් නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේන් බුද්ධාගම ‍රැකීමටත් ඊට ප්‍රමුඛස්ථානය ලබා දීමත් සහතික වී ඇති බැවින් ආණ්ඩුවට අවශ්‍ය නම් බුදුන් දෙසූ විනය පිටකයම රටේ පිළිගත් නීති පද්ධතියට ඇතුලත් කිරීමේ හැකියාවද තිබේ. මේ නිසා මෙම නව පනත් කෙ‍ටුම් පතට කිසිදු භික්ෂුවකට එනම් නියම බෞද්ධ භික්ෂුවකට එරෙහි විය නොහැක. තක්කඩි කහකඩයන් පමණක් මෙහිදි විවිධාකාර විරෝධයන් දැක්වීමට පෙරට එනු ඇති අතර ඒ පරාජය කිරීමේ හැකියාව බෞද්ධ භික්ෂූන් සතුවනු ඇත.

මේ නිසා මෙම පනත් කෙ‍ටුම්පත සම්මත කර ගැනීම සඳහා මේ බෞද්ධ රාජ්‍යයක් විය යුතු බවට අරගල කරන සියලු බෞද්ධ ජනතාවගේ සහය කොන්දේසි විරහිතව ලබා දිය යුතුය. විශේෂයෙන්ම 'සිංහ ලේ' ඇතැයි කියන සිංහල බෞද්ධ වර්ගවාදීන් මේ වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කළ යුතුය. ඒ සඳහා ලංකා ඩේලි වෙබ් අඩවියේ සහයද නොමසුරුව ලබා දෙනු ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට බාධා කරන  පිලිකාවක් මෙන් බලපා ඇත්තේ මේ කහකඩයන්ගේ කාලකණ්නි වැඩ පිලිවෙලය. මේ පරාජය කරන තුරු මේ රටට වගතුවක් ඇත්තේ නැත. එහෙත් තව දුරටත් ඇතැම් දේශපාලන නායකයන් මේ කාලණ්නිගේ කීම් බහට බිය වී තීන්දු තීරණ ගන්න ස්වභාවයක්ද දකින්න්ට තිබේ. කොහොම නමුත් මේ නව පනත් කෙ‍ටුම් පත මේ කහකඩයන්ට එරෙහිව ගෙන ආ පනතකට වැඩිය රටේ අභිවෘද්ධිය තකා සිදු කෙරුණක් බව පෑසිය යුතුය.


මෙම පනත් කෙ‍ටුම්පත මඟින් භික්ෂූන් වහන්සේලා ශාස්ත්‍රකීම හෝ ගුප්ත විද්‍යාවල නිරතවීම හෝ එවැනි දේට ප්‍රචාරය ලබාදීම, වෙළෙඳ, ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධවීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීම හා රිය පැදවීම ද මේ නව පනත යටතේ නීතිවිරෝධී කියාවක් වනු ඇත.

අදාල පනතට අනුව භික්ෂූන්ට සමාජ සේවා, ආගමික හෝ අධ්‍යාපන කටයුතුවල හැර වෙනත් අංශවල රජයේ හෝ පෞද්ගලික රැකියාවල නිරතවිය නොහැක.එසේම ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂුනමකට අකැප අයුරින් හැසිරියද නොහැකිය.

මෙවැනි වැරදි සිදුකරණ භික්ෂුවකට සංඝාධිකරණයක් මගින් පිරික්ෂාකර බලා භික්ෂුභාවයෙන් ඉවත් කිරීම දක්වා දඞුවම් කළ හැකිය. එම නියෝග පිළි නොපදින අයකුව මහේස්ත්‍රාත් වරයකුට රැපියල් 50,000ක දඩයක් හෝ සය මසක සිර දඬුවම්ක් ලබාදීමේ හැකියාව ලැබෙන බවද පැවසේ.

නිකායක් විසින් සංඝාධිකරණයකින් වරදකරු කළ භික්ෂුවකට වෙනත් නිකායක භික්ෂුභාවය ලබාගත නොහැක.ඊට අමතරව භික්ෂුන්ගේ සිවුරේ වර්ණය ත්‍රෛයිනිකායික හිමිවරුන්ගේ තීරණය පරිදි නියම කිරීමට ද මේ පනතේ විධිවිධාන යොදා ඇත.

මෙය “ථෙරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ ජනතා කෙටුම්පත ලෙස ඊයේ (13) පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරුණි.

Last modified on Wednesday, 13 January 2016 12:06

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us