පරිසර ක්‍රියාකාරීන් දඩයම් කිරීම පිළිකුලෙන් යුතුව හෙළාදකිමු

Published in පුවත්
Tuesday, 12 January 2016 11:18

මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන යහපාලන ආණ්ඩුව සිදුකරන පරිසර ක්‍රියාකාරීන් දඩයම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

වැඩිදුටත් අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට පරිසරය හා ස්වභාවික සම්පත් සංරක්ෂණය කරන බවට පොරොන්දුවී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් පරිසර ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට ඉතා නිවට හා නිර්ලජ්ජිත ආකාරයෙන් උත්සාහ කිරීම කිසිඳු ලෙසකත් අනුමත කල නොහැකි බවයි.

ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

එසේම පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ එළිපිටම ක්‍රියාත්මක කෙරුණු මර්ධනය හමුවේ පවා නොසැලී මෙරට සොබා උරුමයන් ආරක්ෂාකර ගැනීමට පරිසර ක්‍රියාකාරීන් නොබියව අරගල කල බව අප විශේෂයෙන් සිහිපත් කරනු කැමැත්තෙමු.

එසේම එම පාලනය පෙරලා වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මෙරට පරිසර ක්‍රියාකාරීන් ද ප්‍රභල මෙහෙයක් සිදුකළ බවද කිව යුතුය. එහි අරමුණ වූයේ මෙරට ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීමට හා පරිසර දුෂණ තත්වයන් වැලක්වීමට පාලකයන් යොමුකර ගැනීමය.

නමුත් එවැනි පසුබිමක් තුල වර්තමාන යහපාලන ආණ්ඩුව ද පුරුදු දුර්දාන්ත ගමන් මගේම යමින් මෙරට පරිසරය වනසමින් සිටීම හා පරිසර ක්‍රියාකාරීන් දඩයම් කිරීම ඉතා බියගුළු ක්‍රියාවක් බවද වැඩි දුරටත් අවධාරණය කරනු කැමැත්තෙමු.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us