පෝට්සිටි පෙත්සම වීසිකෙරෙන ලකුණු ?

Published in පුවත්
Monday, 25 January 2016 14:07

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යපෘතියට අදාළ පාරිසරික ඇගයීමේ වාර්තාවේ අඩුපාඩු රැසක් පවතින බවත් ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය අද (25)තීරණය කර තිබේ.

එහිදී විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සඳහන් කළේ පෙත්සම්කාර පාර්ශවය ඉල්ලා සිටි පරිදි රජය නව පාරිසරික ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය.

කෙසේවුව ද සෑම දෙයකටම විරුද්ධවීම යුක්ති සහගත නොවන බව සඳහන් කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ තම පුද්ගලික මතය අනුව එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමෙන් ඵලක් නොමැති බවයි.

එළැඹෙන මාර්තු 16 වැනිදා පෙත්සම කැඳවීමට තීරණය කර ඇති අතර එදිනට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

 

(මූලාශ්‍රය අද දෙරණ )

Last modified on Monday, 25 January 2016 14:19

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us