මහින්ද, ජපන් යන්නත් ආණ්ඩුවෙන් වරප්‍රසාද ඉල්ලලා

Published in පුවත්
Sunday, 12 June 2016 11:29

පසුගියදා ජපානයේ සංචාරයක් සඳහා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම සංචාරය සඳහාත් ප්‍රභූ( VIP) පහසුකම් ලබා දෙන්නැයි විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ. පසුගිය මාසයේ උගන්ඩාවේ සංචාරය කිරීම සඳහා වන වියදම සහ ප්‍රභූ පහසුකම් විදේශ අමාත්‍යංශය විසින් ලබා දී තිබිණි.

ඒ එම සංචාරය සඳහා වන නිල ආරාධනයක් උගන්ඩා රජයෙන් එවා තිබු බැවිනි. එහෙත් දින දහයක ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් හෝ රාජතාන්ත්‍රික පහසුකම් ලබා දීම සිදු කළ නොහැකි බව විදේශ අමාත්‍යංශය දන්වා තිබේ. රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකු බණ්ඩාර මහතා විසින් මෙම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කර තිබූ අතර එහිදී කොළඹ සිට හොන් කොන් වලටත් එතැන් සිට ජපානය දක්වා ත් ප්‍රභූ පහසුකම් ඉල්ලා ඇත. 

කෙසේ නමුත් අවසානයේ රාජපක්ෂ මහතාට ජපාන සංචාරයේ නිරත වීමේ හැකියාව ලැබුනේ සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙසය. එමෙන්ම හිටපු ජනාධිතිවරයා ලෙස රාජතාන්ත්‍රික පිළිගැනිමක්ද ජපානයේදී ඔහුට ලැබෙන්නේද නැත.

කෙසේ නමුත් ඔහුගේ මෙම සංචාරයට පෙර දින ආරක්ෂකයන් දස දෙනෙකු සමඟ 23න් දෙනෙකුගේ කණ්ඩායමක් ජාපානය බලා ගොස් ඇත. මෙහි ගුවන් ප්‍රවේශ පත්‍ර ලොහාන් රත්වත්තේ විසින් ලබා දිම සිදු කර තිබේ. යෝෂිත රාජපක්ෂ ගේ නවතම පෙම්වතිය වන්නේද ලොහාන් රත්වත්තාගේ දියණිය වන යොහානාය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us