අලි හොරු ගැන කතා කිරිම බෞද්ධ සංස්කෘතිය විනාශ කරණ කුමන්ත්‍රණයක්ද...? - වෑකඳවල රාහුල හිමි Featured

Sunday, 12 June 2016 17:07

දළදා පෙරහැර පැවැත් විමට විශාල බාධා රැසක් ඇතැයි අලි හොරු සංගමය අවධාරනය කරමින් සිටි තවද එය බෞද්ධ විරෝධි කුමන්ත්‍රනයක් බව අවධරනය කරන ඔවුන් NGO නඩය මේ සදහා මුදල් යොදවන බවද පවසයි.

සමාජය තුළ ගොඩනැගෙන සැබැ විරෝධය සුපුරුදු මුසාවාදයෙන් බෞද්ධයන් සහ භික්ෂු සමාජය නොමග යවමින් තම කුණු වසාගැනිමේ කුමන්ත්‍රනය අරබා ඇත. කණගාටුවට කරුණ නම් සමහරක් හැගිම් බර බෞද්ධයන් සේම භික්ෂුන්ද මෙම ගොන් කරත්තයට නැගසිටිමයි.

NGo සංවිධානයන්ට විවිධ න්‍යාය පත්‍රයන් ඇති බව පිළිගන්නා නමුත් ඔවුන් විශයෙහි මාතෘකා සැපයිම වරද කාගේද ?

අලි හොරකමේ ගොස් පරාජික වු හාමුදුරු හොරු මුසාවාද තෙපලමින් බෞද්ධ සංස්කෘතියක් ගැන බණ වදාරති. එය අපූරු බෞද්ධ කම රැකිමකි. බෞද්ධ දර්ශනයේ මුලික හරයන් මත බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගිය යුතුය. දර්ශනය විනාශ කොට යමක් නිර්මාණය විම සංස්කෘතික පිළිලයෙකි. එවන් දෑ උදුරා දැමිය යුතුය.

සමාජ තුළ ගොඩනැගෙන සාධනීය විවේචන ඉවසිමේ ගුණය බුදුරදුන්ට තිබුණි. එසමයේ එසේ වුව මේසමයේ මුදලාලි හාමු හාමුවරුනට ඉවසා වැදෑරිම කළ නොහැක්කකි. මන්ද මේ ඔවුන්ගේ බඩ ගොස්තරයයි.

එසේ හෙයින් අලි ඇතුන්ට අක්කර දහසක් පුජා කිරිමට මැදිහත්වේ. තම නාලිකාවන් ඔස්සේ දිවා රාත්‍රි මෛත්‍රි භාවනාවේ යෙදෙති. අහෝ බුදු දහම විනාශ කිරිමේ සැබැ කුමන්ත්‍රණ කරුවන් ඇත්තේ ශාසනය තුළය . පිටින් එන අභියෝගයන්ට වඩා ඇතුලත ගොඩනැගෙන අලජ්ජි භික්ෂුන් භයානකය . ඔවුන් අපට දහම කියාදේ එය විමසිමකින් තොරව පිළිගත යුතුය. පිළිනොගන්නේ නම් කුමන්ත්‍රණයකි. එසේත් සමාජය පිළිනොගන්නේ නම් ඔවුන් සතු ධනය බලය යොදවා නීතියක් බවට පෙරලා සමාජ ගත කරයි .

දහසක් දුක්විදින ජනයාගේ දුක වේදනාව නොදකිමින් එන ඔනෑම පාලකයෙකුට මුතු කුඩ ඇල්ලිම ශාසනික මෙහෙවරක් ලෙස මුලුමහත් බෞද්ධ ප්‍රජාවට පෙන්විම ලෙහෙසි පහසු ගොනාට ඇන්දිමක්ද ?

ධනය, බලය, නීතිය, ශාසනය දඩමිමා කොට තම නිරුවත වසා ගත්ත වුන්ගේ සෑබෑව දැකිමට සැමට සම්මා දිට්ඨිය පහල වේවා !

වෑකඳවල රාහුල හිමි

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us