හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදා මුලස්ථානය ප්‍රභූ ආරක්ෂකයන් සඳහා වන නීති රීති මාලාව අලුත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

දැනට පවතින ඡන්ද ක‍්‍රමය වෙනස්වීම සුළු ජාතීන්ට අවාසි සහගත බව වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ අද(05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සියලුම පළාත් පාලන ආයතන මේ මස 15 වැනිදා විසුරුවා හැරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව මහ නගර සභා 23ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් විසුරුවා හරිනු ලැබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය සුදුසු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දැනුම් දුන්නේය.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(05) මේ වන විට මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

දින සියයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවට ජනතාවට පොරොන්දුවක් ලබාදී තිබෙන බැවින් විසිවැනි සංශෝධනයේ ගැටලු විසඳාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තවත් කල්ගත වන නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බව එ.ජා.ප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.ඊයේ (04) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය‍.

නව දේශපාලන ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව කුඩා පක්ෂ සිය යෝජනා ලබාදීම ලබන සිකුරාදා සිදුකරන බව වාර්තා වේ.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us