මීළඟ මහ මැතිවරණයට තමන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට තීරණය කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. නාවින්න මහතා පවසයි. 

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති විට රජයේ කිසිදු නිළධාරියකුට ස්ථාන මාරූකිරීම් සිදු කළ නොහැකි මුත් පසුගියදා පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරූකිරීම් කිහිපයක් සිදු කෙරිනි එහිදී රාජකාරීම අවශ්‍යතා යනුවෙන් සාධාරණීකරණයක් කිරීමට උත්සහයක් ගත්තද මෙලෙස ඇතැම් මාරුකිරීම් සිදුකර අත්තේ දේශපාලන හිතවත්කම් මත බව හෙළිවේ.

ඉකුත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධූර දැරූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිපදෙනෙකුට මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අතර හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනකු මෙන්ම ප්‍රබල අමාත්‍යාංශ දෙකක අධීක්ෂණ මන්ත්‍රී ධුර දැරු මන්ත්‍රීවරුන් ද සිටින බව සන්ධාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඉදිරියට ගලන එජාප ප්‍රවාහය ආපසු හැරවීමට හැකි ජගතකු නැති බවත්, බුද්ධි අංශ වාර්තා අනුව එජාපය මේ ඡන්දයෙන් නිසැකව ආසන 130 ක් ලබාගන්නා බවත් මහජන සාමය හා ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) මාතර ගොඩගම දී ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට තීරණය කළ බවට සඳහන් ලිපියට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා නැතැයි අර්ජුන රණතුංග මහතා සිය ෆේස්බුක් පිටුව මගින් දන්වා සිටියි.

පසුගිය වසරේ මෙම කාල සීමාව වන විට අප හට පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත්කිරීමට අපේක්‍ෂකයන්ව ඇහිඳ ඇහිද සිටීමට සිදුවූ බවත් මෙවර එක්සත් ජාතික පක්‍ෂයෙන් මහ මැතිවරණයට තරගකිරීමට 16,000ක් ඉල්ලුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍ය රිෂාඩ් බදුරුදීන් මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී වන්නි පලාතේ භාණ්ඩ බෙදීමක නිරතවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us