පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉදිරි මහා මැතිවරණයේදී ද ජයග්‍රහණය කා සතු වියයුතු දැයි  තීරණය වනු ඇත්තේ තම පක්ෂයේ මතයට අනුව බව  වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලතන් පවසයි. දෙමළ  ජාතික සන්ධානය මෙම තත්ත්වයට ලඟාවුවේ  විවිධ ජයග්‍රහණ සහ බාදක මධ්‍යයේ බවද ඔහු පවසා සිටී.

නේපාලයේ රැඳි සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(28) දහවල් දිවයිනට පැමිණියේය. ඒ, ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානයෙනි. භූ කම්පනයෙන් විපතට පත් නේපාල වැසියන්ට සහන රැගෙන මෙම යානය ඉකුත් ඉරිදා නේපාලය බලා පිටත්ව ගියේය.

මහනුවර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩී.ජේ කුමාරගේ රුහුණු-කතරගම මහදේවාල‍යේ 11 වන බස්නායකවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්වී තිබේ.ඔහු ඉන්ධන පිරවුම්හල් හිමියෙකි.

පසුගිය කාලයේ වාර්තාවූ රහසිගත වධ කඳවුරු පිළිබද තොරතුරු ,අගමැති රනිල් විසින් ප්‍රතික්ෂේප කරද්දී , ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද විසින් ,උතුරේ රැදවියන් පිලිබදව තොරතුරු ඉල්ලයි.

මන්නාරම සහ වවුනියාව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කරන ලෙස දන්වා තිබේ. වවුනියාව හා මන්නාරමේ පොලිස් ස්ථාන හරහා අදාළ මාධ්‍යවේදීන් වෙත දන්වා ඇත්තේ අඟහරුවාදා (28) දිනයේ දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ය. එහෙත් ප්‍රකාශ ලබා දිය යුත්තේ කිනම් හේතුවක් නිසාද යන්න ඔවුන්ට දන්වා නොමැති බව ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය JDS වෙත ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ පසුපස පක්ෂයේ නායක අනුර දිසානායක විසින් ඔත්තුකරුවන් එවා ඇති බව එම පාර්ශ්වය ප්‍රකාශකයෙක් පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අඟුණකොළපැලැස්‌ස ශ්‍රීලනිප සමුළුවට තම ආරක්ෂක නිලධාරියා සහභාගී වූයේ වතුර බෝතලක් අතේ තබාගෙන බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවන් සොයා බැලු ත්‍රිපුද්ගල කමිටු වාර්තාව රහස් පොලිසියට භාරදීමට ඇමැති නවීන් දිසානායක මහතා තීරණය කරයි. එම දූෂණ වංචා අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක වීමට සාක්ෂි සහිත බැවින් නීතිපතිවරයාට හා මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයටද යොමු කරන බව ඇමැතිවරයා පැවැසීය.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us