වයඹ පළාත් සභාව මාධ්‍යවේදීන් එළවයි !

Published in පුවත්
Tuesday, 16 February 2016 15:23

වයඹ පළාත් සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසික සභා වාරය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් සභාවෙන් ඉවත් කර තිබේ.

පළාත් සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා මාධ්‍යන්හි පළ වී ඇත්නම් අදාල මන්ත්‍රීවරුන් විසින් කළ යුතුව ඇත්තේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. එසේ නොකර සියළුම මාධ්‍යවේදීන් සභාගැබෙන් පිටමං කිරීමෙන් සිදුවන්නේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කරවීම පිළිබඳ බොහෝ සංවාදයන් පසුගිය සමයේ පැනනැඟී තිබුණු වාතාවරණයක් තුළ වයඹ පළාත් සභාවේ මෙම හැසිරීම තමුන් තෝරාපත් කළ ජනතාවට කළ විශාල අසාධාරණයක් මෙන් ම ඉතා නරක පුර්වාදර්ශයක් ලෙස ද සැලකිය හැක.

අදාල පුවත පහතින් -

වයඹ පළාත් සභාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කරන බවට චෝදනා කරමින් පළාත් සභා මාසික සභා රැස්විම වාර්තා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට සභාවෙන් ඉවත්ව යන ලෙස වයඹ පළාත් සභාපති ටිකිරි අධිකාරි මහතා නියෝග කළේය.
වසර 28 කට ආසන්න වයඹ පළාත් සභා ඉතිහාසයේ සභා රැස්වීමෙන් මාධ්‍යවේදින් ඉවත් කිරිම සඳහා සභාපතිවරයකු නියෝගයක් දුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.
සභා රැස්විම ආරම්භයේදීම පෞද්ගලික ප්‍රකාශ යටතේ අදහස් දැක්වු වයඹ පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා පැවසුවේ මාධ්‍යයේ අසත්‍ය තොරතුරු පළවන බවට චෝදනා කළේය.
එම ප්‍රකාශයට සහාය දක්වමින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ද කියා සිටියේ පසුගිය කාලයේ දී තමන් සම්බන්ධයෙන් ද කිපවරක්ම මාධ්‍ය වල අසත්‍ය තොරතුරු පළවිණි. එය තම කීර්තිනාමයට කැළලක් වු බවත් ඔහු පැවසුවේය.
පසුගිය සතියේ පළවු තවත් ප්‍රවෘතියක් පිළිබඳව අදහස් පළකළ විපක්ෂනායක ප්‍රසන්න ශමල් සෙනරත් මහතා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති පුවතක් පුවත්පතක පළ වීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.

- ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us