වනජීවීයේ අලි හොරු බැඳ දමන්න

Published in පුවත්
Wednesday, 17 February 2016 11:39

ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් නීති විරෝධී ලෙස අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත්වෙන පරීක්ෂනවල කකුලෙන් ඇදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව අප සංගමයට වාර්තා වී ඇත. මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් අනුව නීති විරෝධී ලෙස පවුද්ගලික භාරකරීත්වයේ රඳවාගෙන සිටින බවට සැක කෙරෙන අලි පැටවුන් දහතුන් දෙනෙකු (13) අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත්තුමන් විසින් ලබා දුන් නියෝගය පවා ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී තිබේ.

ඊට හේතුව වන්නේ මෙම අලි පැටවුන් අත්අඩංගුවට ගෙන ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථ නොමැති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කිරීමය. දැනට මෙම කටයුත්ත සඳහා දෙපාර්තමේන්තුව සතුව ලොරි රථ තුනක් (03) ඇති අතර එම ලොරි රථ තුනම අකර්මන්‍ය වීම විමතියට කරුණකි. ඒ හේතුවෙන් අලි පැටවුන් අත්අඩංගුවට ගෙන උඩවලව ඇත් තුරුසෙවනට ප්‍රවාහනය කිරීමට නොහැකි වීමෙන් එම හොර අලි පැටවුන් අත්අඩංගුවට ගැනීම මේ වනවිට දිනෙන් දින ප්‍රමාධ වෙමින් පවතී.

 

මින් පෙරද මේ ආකාරයෙන්ම අලි පැටවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාධ කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් අධම නිලධාරීන් කටයුතු කලේ එසේ අත්අඩංගුවට ගන්නා අලි පැටවුන් රඳවා තැබීම ඉඩ කඩ නොමැති බව පවසමිනි. ඒ අනුව රුපියක් කෝටි ගණනක් වියදම් කරමින් උඩවලව ඇත් අතුරුසෙවන පරිශ්‍රයේ තවත් සත්ව ගාලක් ඉදිකිරීමට පසුගිය කාලෙයේ කටයුතු කෙරිණි. එය අවසන්ව අලි පැටවුන් රැඳවීම සඳහා ප්‍රමාණවත් ඉඩ කඩ සපයා ගැනීමෙන් පසුව මේ වන විට එම සතුන් ප්‍රවාහනය සඳහා ලොරි රථ නොමැතිබව පැවසීම දෛවයේ සරදමක් වැන්න. ඒ අනුව පෙනී යන්නේ මෙම භාධා කිරීම් දිගින් දිගටම සිදුවෙමින් පවතින බව වන අතර මෙම තත්වය වැලැක්වීමට කඩිනම් පියවර නොගත හොත් ඉදිරියේදී මෙරට වනජීවී සංරක්ෂණය ගැන කතා කිරීමට දෙයක් ඉතිරි නොවනු ඇති බවද අප අවධාරණය කරමු. එසේම අපගේ වැටහීම වන්නේ මෙම තත්වය ඉතා පැහැදිලිව ගරු අධිකරණයට සිදුකෙරෙන අපහාසයක් ද වන බව ය.

 

මෙම අපරාධයට සෘජුවම සම්බන්ධ බවට චෝදනා ලබා සිටි හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වුනද ඒ හැර මීට සම්බන්ධ දෙපාර්තමේන්තු නිලධාරීන් පිළිබඳ මෙතෙක් අභ්‍යන්තර හෝ බාහිර පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ග නොගැනීම මෙම තත්වය ඇතිවීමට ප්‍රධාන ලෙසම හේතුවී ඇත.

 

එබැවින් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකර උක්ත ගැටළු නිරාකරණය කර අම්මාවරුන් මරා වනාන්තර වලින් අලි පැටවුන් පැහැරගෙන විත් රුපියල් කෝටි ගණනට විකිණීමේ ජාවාරම කඩිනමින් නිමා කිරීමට මැදිහත් වන ලෙස අප වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍යවරයාගෙන් හා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

 

සුපුන් ළහිරු ප්‍රකාශ්

සභාපති

ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

Last modified on Wednesday, 17 February 2016 11:41

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us